Friday, May 16, 2025
Home » ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සිව්දින තරගාවලියත් ජය ගනිති

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සිව්දින තරගාවලියත් ජය ගනිති

by mahesh
September 15, 2023 1:00 am 0 comment

සංචාරක බටහිර ඉන්දීය අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි සිව්දින ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

දෙපිල අතර පළමු සිව්දින තරගය ජය පරාජයෙන් තොරව නිමා වූ බැවින් මේ ජය සමඟ තරග දෙකකින් සමන්විත සිව්දින තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. දෙපිල අතර තරග 3කින් සමන්විතව පැවති එක්දින තරගාවලිය ද 2-1ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමයි.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පළමු ඉනිම ලකුණු 127කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 326ක් රැස් කිරීමට සමත් වූහ.

ලකුණු 199ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹූ කොදෙව් පිල ලකුණු 277ක් රැස් කළ ද ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා හිමි වූයේ ලකුණු 79ක ඉලක්කයකි.කඩුලු 3ක් දැවී තිබියදී එම ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

ඊයේ දිනය අරඹන විට කඩුලු 8ක් දැවී ලකුණු 251ක් රැස් කර සිටි කොදෙව් පිල අවසන් කඩුලු දෙක සඳහා තවත් ලකුණු 26ක් එක් කර ගත්තේය. කොදෙව් දෙවැනි ඉනිමේ විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ජෝර්ඩන් ජොන්සන් නොදැවී ලකුණු 157ක් රැස් කළේ පන්දු 163කදී හතරේ පහර 20ක් සහ හයේ පහරක් සමඟිනි. කොදෙව් පළමු ඉනිම බිඳ දැමු විහාස් තෙව්මික දෙවැනි ඉනිමේ වැඩිම කඩුලුලාභියා වූයේ ලකුණු 63කට කඩුලු 3ක් බිඳ දමමිනි. මල්ෂ තරුපති සහ කවීෂ පියුමාල් කඩුලු 2 බැගින් දවා ගත්හ. මේ තරගයේ වීරයා ලෙස තරගය පුරා කඩුලු 8ක් බිඳ දැමූ විහාස් තෙව්මික සම්මාන දිනාගත් අතර, පළමු තරගයේ වීරයා ලෙස එම තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේදී නොදැවී ලකුණු 150ක් රැස් කළ දිනුර කලුපහන සහ තරගාවලියේ වීරයා සම්මානය පළමු තරගයේදී ලකුණු 149ක්, දෙවැනි තරගයේදී අර්ධ ශතකයක් (52) හා ශතකයක් (නොදැවී 157) රැස් කළ ජෝර්ඩ්න් ජොන්ස්ට හිමි විය.

කොදෙව් 19න් පහළ පළමු ඉනිම – 127 (ඕවර 36.4) ජෝර්ඩන් ජොන්සන් 52, ස්ටෙෆාන් පැස්කල් 28 (විහාස් තෙව්මික 43/5, මල්ෂ තරුපති 16/3, කවීෂ පියුමාල් 32/1)

ශ්‍රී ලංකා 19න් පහළ පළමු ඉනිම – 326 (ඕවර 77.5) මල්ෂ තරුපති 70, රුසඳ ගමගේ 58, රවිෂාන් ද සිල්වා 43, පුලිඳු පෙරේරා 41, ශාරුජන් සන්මුගනාදන් 36, දිනුර කලුපහන 33 (නේතන් සීලි 82/4, ඉසායි තෝර්න් 64/2, දේශාන් ජේම්ස් 75/2)

කොදෙව් 19න් පහළ දෙවැනි ඉනිම – 277 (ඕවර 68.5) ජෝර්ඩන් ජොන්සන් නොදැවී 157, ස්ටෙෆාන් පැස්කල් 28 (විහාස් තෙව්මික 63/3, මල්ෂ තරුපති 51/2, කවීෂ පියුමාල් 57/2)

ශ්‍රී ලංකා 19න් පහළ දෙවැනි ඉනිම – 81/3 (ඕවර 18.4) සිනෙත් ජයවර්ධන 30

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT