Home » හොර පාරෙන් මෙරටට ගෙනා රන් කිලෝ 2ක් අත්අඩංගුවට

හොර පාරෙන් මෙරටට ගෙනා රන් කිලෝ 2ක් අත්අඩංගුවට

by mahesh
September 15, 2023 1:29 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

ඩුබායි සිට මෙරටට පැමිණි ඉන්දියානු ජාතික කාන්තාවක් සතුව තිබී නීති විරෝධීව මෙරටට රැගෙන ආ රත්‍රං කිලෝ 1යි ග්‍රෑම් 748ක් සොයා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් ඊයේ (14) සමත්ව ඇත.

මෙම කාන්තාව අවුරුදු 26ක් වන තැනැත්තියක් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේය.

රේගුවට ඉදිරිපත් කිරීමට කිසිවක් නොමැති බව දැනුම් දෙමින් රේගු පරීක්ෂා කිරීම් පසුකර ඉදිරියට එන විට ඇයව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන සඳහා ඇය ගුවන්තොටුපොළ රේගු නිලධාරීන්ට ඉදිරිපත්කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT