“ලී” සුළි කුණාටුවෙන් අමෙරිකාවට හා කැනඩාවේ නැගෙනහිර ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
දැඩි සුළං ප්‍රවාහයත් සමග අධික වර්ෂාපතනයක් ද වාර්තා වන බව කාලගුණ විද්‍යා අංශ පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
“ලී” සුළි කුණාටුව මේ වනවිට අත්ලන්තික් සාගරය හරහා උතුරු දෙසට හමා යමින් පවතින බව වාර්තා වේ.
අමෙරිකාවේ “නිව් ඉංග්ලන්ඩ්” කලාපයට හා කැනඩාවේ “ඇට්ලැන්ටික් කැනඩා” කලාපයට අධික වර්ෂාපතනයක්ද වාර්තා වේ.
සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් එම රටවල වෙරළබඩ ප්‍රදේශවලට අඩි 20ක මුහුදු රළ ඇතිවීමේ අවදානමක් පවති.
අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකම ගංවතුර ඇතිවීමේ අවධානමක් පවතින බව අමෙරිකානු සුළි කුණාටු මධ්‍යස්ථානය පවසයි. අමෙරිකාවේ “මේන්” ප්‍රාන්තයට මේ වන විට හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.