Home » මහනුවර ඇසළ පෙරහරට SLT-MOBITEL හරසර

මහනුවර ඇසළ පෙරහරට SLT-MOBITEL හරසර

by gayana
September 16, 2023 1:30 am 0 comment

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, රටේ සංස්කෘතික හා ආගමික වශයෙන් වැදගත්කමක් උසුලන උත්සවවලට දායකත්වය දැක්වීමේ මෙහෙවරෙහි තවත් එක් පියවරක් වශයෙන් මෙවරත් මහනුවර ඇසළ පෙරහැර සාර්ථක කර ගැනීමට තම බැතිබර දායකත්වය ලබා දුන්නේය.

මේ වන විට SLT-MOBITEL ශ්‍රී දළදා මාළිගාවට අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා පහසුකම් මෙන්ම, PEO TV සම්බන්ධතා පහසුකම් ද ලබා දී තිබේ. මෙම පහසුකම් හේතුවෙන් සංස්කෘතික හා ආගමික වැඩසටහන් රාශියක් ජනතාවට ඉදිරිපත් කිරීමට ශ්‍රී දළදා මාළිගාවේ මාධ්‍ය මධ්‍යස්ථානයට හැකියාව ලැබී ඇත. මේ අතරට වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය සජීවී ලෙස විකාශය කිරීම, සංස්කෘතික හා ආගමික වාර්තා වැඩසටහන් වේගවත්ව හා පහසුවෙන් අන්තර්ජාලයට ඇතුළත් කිරීම සහ ශ්‍රී දළදා මාළිගාවේ ආගමික උත්සව ආවරණය කිරීම ඇතුළු බොහෝ දේ ඇතුළත් වේ.

ලොව පැරණිතම මෙන්ම වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ ආගමික උත්සවයක් වන මහනුවර දළදා පෙරහැර, රටේ ආගමික උත්සව අතර ප්‍රමුඛස්ථානයක් ගනී. ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය සහ රමණීයත්වය පෝෂණය කිරීමට කැප වී සිටින සන්නාමයක් ලෙස SLT-MOBITEL ඉදිරියටත් මෙවැනි ජාතික, ආගමික හා සංස්කෘතික වැදගත්කමකින් යුත් උත්සවවලට තම දායකත්වය ලබාදෙනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT