ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමීප ඇඟලුම් සන්නාමය වන amanté හි නවතම ස්වාධීන අෙලවි සැල පසුගියදා මීගමුවේදී විවෘත කරන ලදි. amanté ශ්‍රී ලංකාව තුළ විවෘත කරන ලද 5 වන අෙලවි සැල ෙමයයි.
ෙමම අෙලවි සැල විවෘත කිරීෙම් උත්සවය 2023 අගෝස්තු 10 දින පැවති අතර, එහි ප්‍රධාන ආරාධිතයා ෙලස සහභාග වූයේ බුද්ධි බතික්ස් ප්‍රධාන විධායක නිලධාරිනී සහ
අධ්‍යක්ෂිකා දර්ශි කීර්තිෙස්න මහත්මියයි. amanté කළමනාකාරීත්ව නියෝජිතයන් මෙන්ම තවත් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
“මම කවදත් amanté රසිකාවියක්. ඒ වගේම කාන්තාවන් සවිබල ගැන්වීම සම්බන්ධෙයන් amanté සන්නාමයේ දැක්ම අගය කළ යුතුයි. ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව තුළ amanté අත්කරගත් දියුණුව දෙස උනන්දුෙවන් බලා සිටි ෙකෙනකු ලෙස, ඔවුන්ගේ නවතම ශාඛාව විවෘත කිරීෙම් අවස්ථාවට සහභාගි වීමට ලැබීම මට මහත් සතුටක්.” දර්ශි කීර්තිෙස්න මහත්මිය පැවසුවාය.
ෙම් වන විට දිවයින පුරා අෙලවි සැල් 200කට අධික සංඛ්‍යාවක amanté ඇඟලුම් අෙලවි කෙරේ. මීගමුවේ නව අෙලවි සැල, amanté විසින් ක්‍රියාත්මක කරනු ලබන, ෙකාළඹ
දිස්ත්රික්කෙයන් පිට ස්වාධීන 2 වැනි අෙලවි සැල වන අතර, එය amanté රසික රසිකාවියන්ට රිසි සේ amanté විශිෂ්ටත්වය අත්විඳීමට අවස්ථාව සලසා ෙදනු ඇත. කාන්තා යට ඇඳුම්, ‘Athleisure’ වර්ගයේ ක්‍රීඩා ඇඟලුම්, නිදන ඇඳුම්, පිහිනුම් ඇඳුම් සහ නව යෞවනියන් සඳහා වෙන් වූ නවතම ඇඟලුම් එකතුව ඇතුළුව amanté ඇඟලුම් වර්ග සියල්ලම මෙම නව අෙලවි සැෙලන් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ.