Thursday, September 28, 2023
Home » SDTI නිර්මාතෘ ආචාර්ය ශාන්ත බණ්ඩාරට ජාත්‍යන්තර සම්මානයක්

SDTI නිර්මාතෘ ආචාර්ය ශාන්ත බණ්ඩාරට ජාත්‍යන්තර සම්මානයක්

by gayana
September 16, 2023 1:22 am 0 comment

SDTI කැම්පස් නිර්මාතෘ ආචාර්ය ශාන්ත බණ්ඩාර මහතා සිංගප්පූරුවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මාන උලෙළේදී Outstanding Executive Leadership in Education Industry

සම්මානයෙන් පිදුම් ලැබීය. විශිෂ්ට නායකත්වය සහ මඟ පෙන්වීම තුළ මෙරට දරු පරපුරට අගනා මෙහෙයක් ඉටු කරන ඔහු මින් පෙරද සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

විශිෂ්ට නායකත්ව අග්‍රාමාත්‍ය සම්මානය සහ කීර්ති ශ්‍රී දේශබන්ධු, කීර්ති, සමාජ සේවා ශූරී, ව්‍යාපාර විභූෂණ ආදී ගෞරව නාම රැසක් ඒ අතර වෙයි. අධ්‍යාපන දර්ශනය සහ කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධිය, නීතිය පිළිබඳ LLM හා LLB උපාධි, මනෝවිද්‍යා උපදේශනය ඇතුළු උසස් ඩිප්ලෝමා රැසක් හදාරා ඇති ආචාර්ය ශාන්ත බණ්ඩාර

මහතා ශ්‍රි ලංකා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍යයෙක් ද වේ.

“කෙනෙකුට පුළුවන් නම් අංවකවම අන් අයගේ යහපත උදෙසා යහපත් ක්‍රියාවල නිරත වෙන්න, කෙනෙකුට පුළුවන් නම් තමාට රිදවන අයටත් මෛත්‍රී කරන්න හා යහපත ප්‍රාර්ථනා කරන්න, කෙනෙකුට පුළුවන් නම් තමා කරන කාර්යය අවංකව හා යහපත්ව කරන්න, දෙමව්පියන්ට, ගුරුවරුන්ට හා සොබාදහමට ගෞරවයෙන් තුති පුදන්න පුළුවන් නම් එවන් අය වෙතට සාර්ථකත්වය සොයාගෙන එනවා. විශ්වාසයෙන් ඉන්න” යැයි SDTI කැම්පස් නිර්මාතෘ ආචාර්ය ශාන් බණ්ඩාර මහතා පැවසීය. SDTI කැම්පස් අන්තර්ජාතික ISO තත්ත්ව සහතික සහිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමඟ ඒකාබද්ධව සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක නිපුණතා සංවර්ධන අරමුදල සමඟ අනුබද්ධිතව උසස් අධ්‍යාපන පාඨමාලා, ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි, විද්‍යාපති, ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි පාඨමාලා රැසක් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් පවත්වයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් මෙම උපාධි පාඨමාලා අවම ගාස්තු යටතේ රාජ්‍ය බැංකුවලින් සපයන ණය පහසුකම රැගෙන හා රැකියාවක් කරන අතරතුර හැදෑරීමට ඉඩ සලසා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT