Home » හේලීස් වැවිලි සමාගම The Pekoe Trail සමඟ එක්වෙයි

හේලීස් වැවිලි සමාගම The Pekoe Trail සමඟ එක්වෙයි

by gayana
September 16, 2023 1:24 am 0 comment

හේලීස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන හේලීස් වැවිලි සමාගම, රටේ සංචාරක ක්ෂේත‍්‍රය යළි නඟාසිටුවීම අරමුණු කරගත් “The Pekoe Trail” සමඟ අත්වැල් බැඳගෙන ඇත. හේලීස් වැවිලි සමාගමට අයත් ප‍්‍රධාන ප‍්‍රාදේශීය වැවිලි සමාගම් (RPCs) තුනක් වන කැලණිවැලි වැවිලි සමාගම (KVPL), තලවකැලේ වැවිලි සමාගම (TTEL) සහ හොරණ වැවිලි සමාගම (HPL) ශ‍්‍රී ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 4.6%ක් නියෝජනය කරයි.

Pekoe Trail ඔවුන්ගේ හොඳම තේ වතු 44න් 6ක් හරහා ගමන් කරන අතර මෙම තේ වතු සුන්දර මධ්‍යම කඳුකරයේ නීල හරිත වටපිටාවක පිහිටා ඇත. මෙම වැඩසටහන Ceylon Tea (සිලෝන් ටී) නාමය ලොවට ගෙනයාමට කදිම මාර්ගයකි.

”අපගේ සහයෝගිතාවයේ අරමුණ වන්නේ සැමට තිරසාර වටිනාකමක් ඇති කරමින් අපගේ ජාතිය යළි නඟාසිටුවීමයි. Ceylon Tea නාමයෙහි අනාගතය රඳා පවතින්නේ පරිසරය

ආරක්ෂා කිරීම සහ ඊට සම්බන්ධ සියලු දෙනාගේ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරන නව සහ තිරසාර වර්ධන අදහස් මත බව අපි තරයේ විශ්වාස කරනවා. මෙම හවුල්කාරිත්වය තිරසාර සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීම වෙනුවෙන් වූ හේලීස් වැවිලි සමාගමෙහි කැපවීම පිළිබඳ සාක්ෂියක්. එමෙන්ම මෙම සංචාරයට සහභාගි වන සංචාරකයින් වෙනුවෙන් අපි විශේෂ සංස්කෘතික අත්දැකීමක් තිළිණ කිරීමට කටයුතු කර තිබෙනවා” යනුවෙන් හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේය.

“The Pekoe Trail සහ හේලීස් වැවිලි සමාගම අතර ඇති මෙම නවතම හවුල්කාරීත්වය තුළින් ඉහළ වටිනාකමක් ඇති සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට මෙන්ම ශ‍්‍රී ලංකාවේ වසර 150ක් පැරණි වැවිලි කර්මාන්තයේ තිරසාර සංවර්ධනයට සහාය වීමට ද අවස්ථාවක් සලසා දෙනවා.” යනුවෙන් යුරෝපා සංගමය (EU) හරහා අරමුදල් ලබාගනිමින් සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) අමතර සහාය ලබාගනිමින් The Pekoe Trail සංචාරක ව්‍යාපෘතියට නායකත්වය දෙන සංචාරක ඔරොත්තු දීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ෂෙහාන් රාමනායක මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT