Thursday, September 28, 2023
Home » CINEC මෙට්‍රෝ ශාඛාවෙන් එක්සත් රාජධානි උපාධි හතරක්

CINEC මෙට්‍රෝ ශාඛාවෙන් එක්සත් රාජධානි උපාධි හතරක්

by gayana
September 16, 2023 1:18 am 0 comment

එක්සත් රාජධානියේ Wolverhampton විශ්වවිද්‍යාලය පිරිනමන, නුගේගොඩ CINEC Campus මෙට්‍රෝ ශාඛාව පවත්වන නව උපාධි පාඨමාලා CINEC Campus සභාපති සහ විධායක අධ්‍යක්ෂ කපිතාන් අජිත් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් මාලඹේ CINEC Campus ශ්‍රවණාගාරයේදී හඳුන්වා දෙන ලදී. මෙම අවස්ථාවට Wolverhampton විශ්වවිද්‍යාලයේ ‘School for Research’ හි සහාය ප්‍රධානී සහ ‘Brownfield Research and Innovation at School of Architecture and Built

Environment’ හි මහාචාර්ය චමින්ද පතිරගේද සහභාගී විය.

“වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය වසර 16ක් පුරා CINEC Campus සමඟ ඉතා සමීපව කටයුතු කරනවා. ඔවුන් ඉංජිනේරු තාක්ෂණය, තොරතුරු තාක්ෂණය සහ MBA උපාධි පාඨමාලා හඳුන්වා දීමට CINEC Campus ආයතනයට සහාය දැක්වූවා. මේ නව උපාධි පාඨමාලා හතර සමඟ අප අතර ඇති සම්බන්ධතාව තවත් ශක්තිමත් වෙනවා. බඳවා ගැනීම් 14ක් තුළ 500කට වැඩි පිරිසක් ලියාපදිංචි වූ වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය පිරිනමන MBA පාඨමාලාව වෘත්තිකයන් අතර ඉතා ප්‍රචලිතයි. මේ සෑම අධ්‍යයන වැඩසටහනක්ම ඉහළම ප්‍රමිති යටතේ පැවැත්වෙනවා. CINEC Campus – මෙට්‍රෝ ශාඛාව වර්තමානයේදී දෙස් විදෙස් ඉහළ ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රවලට අදාළ පශ්චාත් උපාධි පාඨමාලා පැවැත්වීමට වැඩි අවධානයක් යොමු කරනවා. හඳුන්වා දුන් නව උපාධි පාඨමාලා වන BSc (Hons) Quantity Surveying (Top-up), Master of Laws (LLM), MSc Cyber Security සහ MSc Project Management ඔක්තෝබර් සිට ක්‍රියාත්මක ‌වෙනවා. ඒ සඳහා ලියාපදිංචි වන්නැයි සිසුන්ට ඇරැයුම් කරනවා” කපිතාන් අජිත් පීරීස් පැවසීය.

මහාචාර්ය චමින්ද පතිරගේ පැවැසුවේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තමන් වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය සහ CINEC Campus අතර ඇති සම්බන්ධතාව පිළිබඳව අතිශයින් ආඩම්බර වන බවයි. වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය එහි යටිතල සහ

පර්යේෂණ පහසුකම් වර්ධනයට මෑත කාලීනව සිදු කළ සුවිශාල ආයෝජනය පිළිබඳව ඔහු පැමිණ සිටි පිරිස දැනුවත් කළේය. CINEC Campus වෙත සෑම ආකාරයකින්ම සිය සහයෝගය දීමටද ඔහු පොරොන්දු විය. CINEC Campus – මෙට්‍රෝ ශාඛාවේ ප්‍රධානී සහ ඉංජිනේරු සහ තාක්ෂණ පීඨයේ සහාය පීඨාධිපති, චන්දිම එච්. ද සිල්වා කෙටි කාලයකින් නව පාඨමාලා සියල්ලම CINEC Campus වෙත පිරිනැමීම පිළිබඳව වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයට ස්තුතිය ප්‍රකාශ කළේය. ඒ සඳහා උපකුලපති, පීඨාධිපතිවරුන්, අධ්‍යයන අංශ ප්‍රධානීන් සහ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල සාමාජිකයන්ගෙන් ලැබුණු සහායද ඔහු අගය කළේය. 0114335846-8 අංකයට ඇමැතීමෙන් හෝ නුගේගොඩ CINEC Campus – මෙට්‍රෝ ශාඛාවට පැමිණීමෙන් නව අධ්‍යයන වැඩසටහන් පිළිබඳව අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT