අපනයන කර්මාන්තයේ ක්‍රියාකාරීත්වයට බලපාන පරිදි සරල කළ අගය එකතු කළ බදු (SVAT) ක්‍රමය අහෝසි කිරීමට මෑතදී ගත් තීරණය නැවත සලකා බලන ලෙස ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී. 2023 වසරේ මේ දක්වා කාලය තුළ, සමස්ත අපනයන 10% කට වඩා වැඩි අගයකින් මෙන්ම ඇඟලුම් අපනයන 19% ක සැලකිය යුතු අගයකින් පහළ ගොස් ඇති මෙන්ම අපනයන සඳහා වන ඉල්ලුම තවදුරටත් ඉතා අඩු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන තීරණාත්මක අවධියක රජය විසින් මෙම තීරණය ප්‍රකාශයට පත්කරන ලදී.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් කළමනාකරණය කරනු ලබන එකතු කළ අගය මත බදු (VAT) ආපසු ගෙවීමේ ක්‍රියාවලියේ දිගුකාලීන අකාර්යක්ෂමතා සහ
ප්‍රමාදයන් විසඳීම සඳහා පවතින SVAT ක්‍රමය 2011දී ක්‍රියාත්මක කරන ලදී. SVAT හඳුන්වා දීමට ප්‍රථම, බොහෝ අපනයනකරුවන්ට VAT ආපසු ගෙවීමේ ප්‍රමාදයන් හේතුකරගෙන මූල්‍ය අපහසුතාවලට මුහුණදීමට සිදුවිය. ඇතැම් විට මෙම ප්‍රමාදයන් වසර පහක්, හයක් දක්වා පමණ දීර්ඝ විය. එමෙන්ම, SVAT ක්‍රමය යටතේම දිගු කලක් නොගෙවූ, මුදල් ආපසු ගෙවීමේ ප්‍රමාණය තවමත් අවධානයට ලක්ව නොමැත. SVAT ක්‍රමය අහෝසි වීමත් සමඟ මුදල් ආපසු ගෙවීම් කාර්යක්ෂමව හැසිරවීමට රජයට ඇති හැකියාව පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුවන අතර, එමඟින් සැලසුම්ගත පියවරයන්හි මෙහෙයුම් ශක්‍යතාව පිළිබඳව සැක පහළ කරයි. SVAT ඉවත් කිරීම මෙම අපනයනකරුවන්ට ක්ෂණිකව බලපාන අතර, විවිධ කර්මාන්ත සහ සැපයුම්කරුවන්ගේ මුදල් ප්රවාහයන්ට බාධා ඇතිකරවන සහ මූල්‍ය අභියෝග ඇති කිරීමට ද හේතුවිය හැක. SVAT අහෝසි කිරීම මඟින් ආදායම වැඩිකිරීම හෝ කාන්දුවීම් අවහිර කිරීම කළ නොහැකිය.
විශේෂයෙන්ම, VAT බදු ප්රතිලාභ සහ ඉන්වොයිස් ගැළපීම සම්බන්ධයෙන් RAMIS පද්ධතියේ පවතින අකාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම මේ අවස්ථාවේ දී වඩාත් දූරදර්ශී වනු ඇත. තවද, එවැනි පියවරක පරිපාලනමය බලපෑම වැඩිවීම මඟින් අකාර්යක්ෂමතාවය තවදුරටත් වර්ධනය විය හැකි අතර, දේශීය අදායම් දෙපාර්තමේන්තුව තවත් මුදල් ආපසු ගෙවීමේ ක්‍රමයක් සමඟින් කාර්ය අධිකවීමත් සමඟ පරිපාලනමය අවහිරතා සහ VAT බදු ආපසු ගෙවීමේ සැලකිය යුතු ප්‍රමාදයන් ඇති විය හැක.
දිගුකාලීනව රජයට වඩාත් ශක්තිමත් මුදල් ආපසු ගෙවීමේ පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා ප්‍රංශයේ VAT බදු රාමුව වැනි ජාත්‍යන්තර ආකෘති ගවේෂණය කළ හැකිය.
සියල්ලට වඩා දේශීය අදායම් දෙපාර්තමේන්තුව සතුව ප්‍රමාණවත් මානව සහ තාක්ෂණික සම්පත් පැවතීම, විශාල පරිමාණයේ මුදල් ආපසු ගෙවීමේ ගනුදෙනු සිදුකිරීම සඳහා අතිශයින් වැදගත් වේ.
SVAT ක්‍රමය අහෝසි කිරීම වැනි දැඩි බලපෑමක් ඇතිකරන තීරණයක් සැහැල්ලුවෙන් නොගත යුතු බවත් එය පුළුල් ලෙස සිතා බලා තීරණය කළ යුතු මූල්‍ය හා ආර්ථික උපාය මාර්ගයක කොටසක් විය යුතු බවත් වාණිජ මණ්ඩලය තරයේ අවධාරණය කරයි.