395
මැලේසියාවේ කම්කරු නීති උල්ලංඝනය කිරීමේ චෝදනා තහවුරු වූ එරට සමාගම් සහ වෙළෙඳ ආයතන 400කට දඩ ගසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට මානව සම්පත් අමාත්‍ය වී. සිවකුමාර් ප්‍රකාශ කර ඇත්තේ එම අමාත්‍යාංශයේ කම්කරු දෙපාර්තමේන්තුව මඟින් මේ පියවර ගෙන ඇති බවය. ඒ අනුව එරට සේවායෝජකයන් 272 දෙනකුට ඩොලර් හාරලක්ෂ හැටතුන්දහසක දඩයක් ද, තවත් සේවායෝජකයන් 128 දෙනකුට ඩොලර් පනස් එක්දහස් හත්සියයක් වශයෙන් දඩ ගසා ඇත. මේ දඩ මුදල් නියම කර ඇත්තේ බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගැනීම, දීර්ඝ වැඩ මුර පැය ගණන, විදේශ ගමන් බලපත්‍රය රඳවා ගැනීම සහ අපිරිසුදු නේවාසිකාගාර ලබා දීම වැනි චෝදනා යටතේය.