Sunday, May 11, 2025
Home » ඩයනා කුම­රි­යගේ ස්වීට­ර­යක් ඩොලර් මිලි­යන 1.1කට අලෙවි වෙලා

ඩයනා කුම­රි­යගේ ස්වීට­ර­යක් ඩොලර් මිලි­යන 1.1කට අලෙවි වෙලා

by Gayan Abeykoon
September 16, 2023 1:25 am 0 comment

බ්‍රිතාන්‍ය රජ පවුලේ ජනප්‍රියතම කුමරිය ලෙස ප්‍රකටව සිටි අභාවප්‍රාප්ත ඩයනා කුමරිය භාවිත කළ ස්වීටරයක් එක්තරා වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් මිලියන 1.1ක මුදලකට අලෙවි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩයනා කුමරිය භාවිත කළ ඇඳුම් අතුරින් වෙන්දේසියකදී ඉහළම මිලකට අලෙවි වූ ඇඳුම මෙය බව ද වාර්තා වේ.

අන්තර්ජාලය මඟින් ලංසු තැබීමේ ක්‍රමවේදයට අනුව එම වෙන්දේසිය පවත්වනු ලැබූ ආයතනය නිවේදනය කර ඇත්තේ එම ස්වීටරය එවකට 19 හැවිරිදි වියේදී ඩයනා කුමරිය භාවිත කළ බවය. ඇය 1981 ජුනි මාසයේ පැවැති පෝලෝ ක්‍රීඩා තරගයකදී එවකට චාල්ස් කුමරු හා විවාහ ගිවිස ගැනීමෙන් දින කිහිපයකට පසු එම ස්වීටරය පැලඳ පෝලෝ ක්‍රීඩා තරගය නැරඹීමට පැමිණ සිටි බව ද වෙන්දේසි ආයතනය සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT