Saturday, May 10, 2025
Home » තලේ­බාන් පාල­නයේ පළ­මු­ව­රට චීන­යෙන් තානා­ප­ති­ව­ර­යෙක්

තලේ­බාන් පාල­නයේ පළ­මු­ව­රට චීන­යෙන් තානා­ප­ති­ව­ර­යෙක්

by Gayan Abeykoon
September 16, 2023 1:18 am 0 comment

ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගැනීමෙන් පසු පළමු වරට එරටට තානාපතිවරයකු පත් කිරීමට චීනය පියවර ගෙන ඇති අතර, තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානයට තානාපතිවරයකු පත් කළ පළමු රට බවට ද චීනය පත් වූ බව වාර්තා වේ. නව තානාපතිවරයා තලේබාන් සංවිධානය විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ බව ද වැඩිදුරටත් වාර්තා වේ. තලේබාන් රජය ජාත්‍යන්තර වශයෙන් මෙතෙක් කිසිදු පිළිගැනීමකට ලක්වී නැති අවස්ථාවක එරටට තානාපතිවරයකු පත් කිරීමේ හේතුව පිළිබඳ චීන රජය කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති අතර, ඇෆ්ගනිස්තානයේ විදේශ ඇමැති අමීර් ඛාන් මුටාකි ප්‍රකාශ කර ඇත්තේ එය සැලකිය යුතු පණිවුඩයක් ජාත්‍යන්තරයට සපයා ඇති බවය.

නව තානාපතිවරයාගේ පැමිණීම සෙසු රටවලට ද ඉදිරියට පැමිණ තලේබාන් රජය සමඟ සබඳතා වර්ධනය කරගැනීමට කදිම පණිවුඩයක් බවත් ඇෆ්ගනිස්තාන රජයේ නියෝජතයකු ප්‍රකාශ කර තිබේ. ඇෆ්ගනිස්තානය සහ චීනය අතර සහයෝගිතාව වර්ධනය කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් තලේබාන් රජය ප්‍රකාශ කර ඇත.

තලේබාන් රජයේ නායකයන් කිහිප දෙනකුට ජාත්‍යන්තර සම්බාධක පනවා ඇති බැවින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇෆ්ගනිස්තානයේ නායකයා ලෙස තවමත් පිළිගනු ලබන්නේ හිටපු ජනාධිපති අෂ්රාෆ් ගානි විසින් නායකත්වය දුන් බටහිර හිතවාදී රජය බව ද වාර්තා වේ. තලේබාන් රජය සතු ජාත්‍යන්තර බැංකුවල තැන්පතු ද මේ දක්වා තලේබාන් රජයට මුදා හැරීමට නොහැකි අයුරින් අත්හිටුවා ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT