Friday, May 9, 2025
Home » ආහාර මිල පාල­නය නොක­රන්නේ නම් බදු ඉහළ දම­නවා

ආහාර මිල පාල­නය නොක­රන්නේ නම් බදු ඉහළ දම­නවා

කැන­ඩාවේ අග­මැති සුපි­රි­ වෙ­ළෙ­ඳ­සල් ප්‍රධා­නීන්ට අන­තුරු අඟ­වයි

by Gayan Abeykoon
September 16, 2023 1:23 am 0 comment

ඉහළ යන ආහාර මිල පාලනය කිරීමට පියවර නොගන්නේනම් නව බද්දක් ගෙවීමට සූදානම් වන ලෙස කැනඩාවේ අගමැති ජස්ටින් ටෘෘඩෝ එරට සුපිරි වෙළෙඳසල්වලට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේය. කැනඩාවේ අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ පවුලේ පෝෂණය වෙනුවෙන් අරගල කරන ජනතාව වෙතින් ලාභ උපයා නොගත යුතු බවය.

එරට ප්‍රකට සුපිරිවෙළෙඳසල් ජාලා වන වෝල්මාර්ට් සහ කොස්ට්කෝ ඇතුළු විශාලතම වෙළෙඳසල් ජාලා පහක ප්‍රධානින්ට කැනඩාවේ අගමැතිවරයා මේ බව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මේ වන විට අගමැති ධුරය සම්බන්ධව දැඩි ජනතා විවේචනයට ලක්වී සිටින ජස්ටින් ටෘෘඩෝ ජීවන වියදම් ගැටලු විසඳීමට පියවරක් ලෙස නව කුලී මහල් නිවාස ඉදි කිරීම සඳහා විකුණුම් බද්ද ඉවත් කර ඇති අතර, ජනතාවට සහන සැලසීමට සියලු පාර්ශ්ව එක්විය යුතු බව ප්‍රකාශ කර තිබේ. කැනඩාවේ ජනතාව එදිනෙදා ජීවිතය රැක ගැනීමට වෙර දරන කාලයක සුපිරි වෙළෙඳසල් ජාලා අධික ලාභයක් උපයා ගැනීම කාලෝචිත නැතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT