Home » ලිබි­යාවේ විනා­ශය දේශ­ගු­ණික විප­ර්යාස පිළි­බඳ ලෝක ප්‍රජා­වට කළ අන­තුරු ඇඟ­වී­මක්

ලිබි­යාවේ විනා­ශය දේශ­ගු­ණික විප­ර්යාස පිළි­බඳ ලෝක ප්‍රජා­වට කළ අන­තුරු ඇඟ­වී­මක්

එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය

by Gayan Abeykoon
September 16, 2023 1:13 am 0 comment

නැඟෙනහිර ලිබියාවේ පසුගියදා සිදු වූ මහා ගංවතුර ඛේදවාචකයෙන් දින පහකට පසුව ද මළ සිරුරු සෙවීමේ මෙහෙයුම් සිදු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වනවිටත් දහස් ගණනක මළ සිරුරු වෙරළට ගසා ගෙන එන බවත්, සමූහ මිනිවළවල් තුළ මළ සිරුරු වළ දමන බවත් වැඩිදුරටත් වාර්තා වේ. ඩැනියෙල් සුළි කුණාටුවෙන් උද්ගත වූ අනපේක්ෂිත ගංවතුරට හසු වී ජීවිතක්ෂයට පත් වූවන්ගේ සංඛ්‍යාව විසිදහසකට ආසන්න විය හැකි බව නැඟෙනහිර ලිබියාවේ ඩෙර්නා නුවර නගරාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබිණි. එම සුළි කුණාටුවෙන් බිඳී ගිය වේලි දෙකකින් ගොඩ ගැලූ අධික ජල ධාරිතාවට හසු වී මුහුදට ගසා ගෙන ගොස් අතුරුදන් වූ බව කියන පුද්ගලයන්ගේ අනන්‍යතාව ද මෙතෙක් තහවුරු වී නැති අතර, දිවි ගලවා ගත් අය නගරයෙන් පලා ගොස් ඇති බැවින් නගරවාසීන් පිළිබඳ තොරතුරු ද අනාවරණය වී නැතැයි වාර්තා වේ.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ ඉහළ නිලධාරියකු වන මාර්ටින් ග්‍රිෆික්ස් ප්‍රකාශ කර ඇත්තේ මේ ව්‍යසනය දේශගුණික විපර්යාස සහ ඉන් එල්ල වන අභියෝග පිළිබඳ ලෝක ප්‍රජාවට කළ විශාල අනතුරු ඇඟවීමක් බවය. වේලි බිඳ වැටීමට පෙර අනතුරු ඇඟවීම් නිකුත් කළේ නම් මේ විශාල විනාශය වළක්වා ගත හැකිව තිබූ බව ද ඔහු සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT