Home » පාකි­ස්තාන-ඇෆ්ගන් දේශ­සී­මාව දින 9කට පසු යළිත් ඇරේ

පාකි­ස්තාන-ඇෆ්ගන් දේශ­සී­මාව දින 9කට පසු යළිත් ඇරේ

by Gayan Abeykoon
September 16, 2023 1:19 am 0 comment

පාකිස්තාන සහ ඇෆ්ගනිස්තාන දේශසීමා ආරක්ෂක හමුදාව අතර පසුගියදා සිදුවූ වෙඩි හුවමාරුවෙන් පසු වසා දමා තිබූ දෙරට අතර ප්‍රධානතම වෙළෙඳ භාණ්ඩ ප්‍රවාහන මුර කපොල්ල දින 9කට පසු යළි විවෘත කර ඇතැයි වාර්තා වේ. එම වෙඩි හුවමාරුවෙන් පසු ටෝර්කාම් නමැති එම මුරකපොල්ල වසා දැමීම හේතුවෙන් දෙරට අතර භාණ්ඩ ප්‍රවාහනයේ නිරතවන ට්‍රක් රථ සිය ගණනක් සහ සංචාරකයෝ විශාල පිරිසක් අපහසුතාවට පත්ව සිටියහ.

එම දේශසීමා මුර කපොල්ල පිහිටි වයඹදිග පාකිස්තානයේ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ කයිබර් දිස්ත්‍රික්කයේ නිලධාරියකු ප්‍රකාශ කර ඇත්තේ මුර කපොල්ල විවෘත කිරීමෙන් පසු ආගමන හා විගමන නිලධාරීන් සාමාන්‍ය පරිදි රාජකාරි ආරම්භ කළ බවය. එමෙන්ම භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථවලට සහ පදිකයන්ට දේශසීමාව තරණය කිරීමට අවසර ලැබී ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT