300
ඩුබායි සිට නීති විරෝධී ලෙස මෙරටට රන් භාණ්ඩ තොගයක් රැගෙන එමින් සිටි කාන්තාවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (15) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාන්තාව රේගුවට නොදන්වා හොර රහසේ රන් ග්‍රෑම් 516යි මිලිග්‍රෑම් 907ක් රැගෙන එමින් සිටියදී ඇතිවුණු සැකයක් මත කළ පරීක්ෂාවේදී මෙම රන් තොගය හමුවී තිබේ.
කොළඹ 13 ජම්පටාවීදියේ පදිංචිකාරියක වන ඇය 35 වියැති තැනැත්තියකි.
මීට අමතරව ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් පෙරේදා (14) රන් කිලෝ 01යි ග්‍රෑම් 700කට වැඩි ප්‍රමාණයක් සමඟ 26 හැවිරිදි ඉන්දියානු කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබුවාය.