176
උසාවියෙන් අපරාධ නඩුවකට වරෙන්තු ලැබූ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යෑමේදි සැකකරුගේ නිවෙසේ සිටි සුනඛයකු සපා කෑමෙන් තුවාල ලැබු නාඋල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව නාඋල පොලිසිය කියයි.
ඊයේ (15) සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් පිටත්ව ගොස් ඇති අතර, පොලිසිය කියා සිටියේ නිවෙසේ සිටි සුනඛයා උසිගන්නා පොලිස් නිලධාරියාට සපා කෑමට සලස්වා ඇති බවයි. සිද්ධියෙන් අනතුරුව සැකකරු අදාළ නිවෙසින් පලාගොස් ඇති බවත්, ඔහු සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බවත් පොලිසිය කියයි. සපා කෑම හේතුවෙන් ඔහුගේ වම් බාහුවට බරපතළ තුවාල සිදුව ඇති බවද පොලිසිය කියයි.