වංචාවල කදුරුදුව ප්‍රදේශයේ නිවෙසක ගංජා පැළ තවානක් පවත්වාගෙන ගිය විදේශිකයකු ගංජා පැළ 591ක් සමග අත්අඩංගුවට ගත් බව හබරාදූව පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දිමිත්‍රි ලැරියෝනොව් නමැති 40 හැවිරිදි රුසියානුවෙකි. ඉකුත් 10 දින හබරාදුව තල්පේ ප්‍රදේශයේදී රුසියානුවන් සිව් දෙනකු තමාගේ රු. ලක්ෂ 38ක මුදලක් කොල්ලකන ලද බවට තවත් රුසියානු ජාතිකයකු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලට අදාළව මේ සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු තාවකාලිව පදිංචිව සිටින වංචාවල කදුරුදුව නිවෙසේ වගා කර තිබු ගංජා පැළ තවාන සොයාගෙන ඇත. පොලිසිය පැවසුවේ පොලිතීන් බෑග්වල මේ ගංජා පැළ තවාන පවත්වාගෙන ගොස් ඇති බවයි. සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.