මාකිලංගමුවේ සංජීව නමැති සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ දින අනූවක රැඳවුම් නියෝග ගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය හමුවේ ඊයේ (15) කරුණු දක්වමිනි. “මේ සැකකරු මුහුදු මාර්ගයෙන් රටෙන් පැනගිය පුද්ගලයෙක්. ඔහු පවසන අන්දමට ඉන්දියාව වැනි රටවල කාලයක් ඉඳලා තිබෙනවා. නේපාලයේ සිට තමයි මෙරටට එන්නේ. ඒ අනුව මේ සැකකරුගේ සම්බන්ධතා මොනවාද? යම්කිසි ආකාරයකට ත්‍රස්තවාදි කණ්ඩායම් සමග වෙන්න පුළුවන්. එසේ නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් සමඟ වෙන්න පුළුවන්. එවැනි ජවාරම් එකිනෙකට බැඳී පවතිනවා. ඒවා ගැන අනාවරණය කරගැනීමට තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ මේ පුද්ගලයා යම් යම් මනුෂ්‍ය ඝාතන මෙහෙයවු බවට තොරතුරු තිබුණා. ඒ සම්බන්ධවත් කරුණු තහවුරු කරගැනීමට අවශ්‍යයි. ඔහු මුහුදු මාර්ගයෙන් විදෙස්ගත වුණත් ඔහුට විදේස්ගමන් බලපත්‍රයක් ලැබීම ගැනත් විමර්ශන සිදු කරනවා. මේ ගැන යම් යම් තොරතුරු ලැබුණත් කරුණු තහවුරු වන ආකාරයේ තොරතුරු ලැබී නැහැ. මේ පරීක්ෂණ විදෙස් රටවල් සමග සම්බන්ධ වී කටයුතු කරන්න සිදුව තිබෙන නිසා යම් කාලයක් ගත වෙයි.“ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
මාකිලංගමුවේ සංජීව දින අනූවක් රඳවාගෙන ප්‍රශ්න කරනවා
පොලිස් මාධ්‍ය ප්‍රකාශක
September 16, 2023 1:19 am
0 comment
336
කලින් පුවත