Home » හර­ක්කටා සීඅ­යි­ඩි­යෙන් හොල්ලන්න එපා!

හර­ක්කටා සීඅ­යි­ඩි­යෙන් හොල්ලන්න එපා!

අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යෙන් අතුරු තහ­න­මක්

by Gayan Abeykoon
September 16, 2023 1:18 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක්කටා” අධිකරණයේ සහ නීතිපතිවරයාගේ අනුමැතියකින් තොරව එම ස්ථානයෙන් ඉවත් කිරීම හෝ වෙනත් ස්ථානයකට රැගෙන යාම වළක්වන අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය විසින් ඊයේ (15) නිකුත් කරන ලදි.

ඔහු සම්බන්ධයෙන් ලබා ගෙන ඇති දෙවන රැදවුම් නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති රිට් පෙත්සමට අදාළව දෙන ලද මෙම නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වේ.

පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පොලිස්පති වරයා , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයා ඇතුළු පිරිසකට නියම කරමින් නොතීසි නිකුත් කරන ලදි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ අභියාචනාධිකරණ විනිසුරු එම් .සී. බී.

එස්. මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි .

එහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා මෙම නියෝගයන් ප්‍රකාශ කරමින් සඳහන් කළේ පෙත්සම සම්බන්ධයෙන් පාර්ශවයන් ඉදිරිපත් කළ පක්ෂ විපක්ෂ මූලික කරුණු විනිසුරු මඩුල්ලේ අවධානයට යොමු වූ බවය.

තවදුරටත් අධිකරණයේ අවධානය ට ලක් කල යුතු කරුණු ඇති බව පෙනී යන බැවින් වගඋත්තරකරුවන් කැඳවා පෙත්සම සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තීරණය කළ බව ඒ මහතා කීය. ඒ අනුව පෙත්සම් කාර පාර්ශවය විසින් ඉල්ලා ඇති පරිදි පෙත්සම්කරු මේ වන විට රඳවා ඇති ස්ථානයෙන් ඉවත් කිරීම හෝ වෙනත් ස්ථානයකට රැගෙන යාමට ආරක්ෂක ඇමැති වරයා,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා,පොලිස්පතිවරයා හෝ ඔවුන්ගේ නියෝජිතයන් කටයුතු නොකළ යුතු බව ට නියම කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදි. පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 25 වැනිදා ඇරඹීමට නියම විය.

පොලිස් මහජන පැමිණිලි ඒකකයේ පොලිස් පරීක්ෂක එස්.එච්.එස්.තුසිත කහගල්ලගේ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති. කුඩු සළිඳු ඇතුළු තවත් හය දෙනකු සමග සිටියදී තමන් මැඩගස්කරයේ දී ඉකුත් පෙබරවාරි මස පළමු වැනිදා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බව පෙත්සම්කරු විසින් සඳහන් කර ඇත. අනතුරුව මෙරටට රැගෙන ආ ඔහු රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැදවුම් රඳවා සිටින බව ද අනතුරුව දෙවන වරට එම රැදවුම් නියෝගය දීර්ඝ කර ඇති බවද පෙත්සමෙහි සඳහන් වේ.දිගින් දිගටම රැඳවුම් නියෝග ලබා ගැනීම නිසා සිය ජීවිත ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බැවින් මෙම රැඳවුම් නියෝග අවලංගු කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT