Home » වගා හානි තක්සේරු කිරීම මේ වන­විට අව­සන් අදි­යරේ

වගා හානි තක්සේරු කිරීම මේ වන­විට අව­සන් අදි­යරේ

කෘෂි හා ගොවි­ජන රක්ෂණ මණ්ඩ­ලයේ සභා­පති

by Gayan Abeykoon
September 16, 2023 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

නියඟය,වැස්ස හා සේනා දළඹු හානිය ආශ්‍රිතව ගොවීන්ට සිදුව ඇති වගා හානි තක්සේරු කිරීම මේ වනවිට අවසන් අදියරේ ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. එම්. එම්. බී. වීරසේකර මහතා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත. පසුගිය කාලයේ පැවති දැඩි නියඟය නිසා දිස්ත්‍රික්ක කීපයක වී සහ අනෙකුත් බෝග සඳහා විශාල බලපෑමක් එල්ල වී තිබිණි. එම නිසා වගා හානි තක්සේරු කිරීමේ කටයුතු වහාම අරඹන්නැයි කෘෂිකර්ම ඇමැතිවරයා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට දුන් උපදෙස් අනුව දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මාස එකහමාරකට පමණ ආසන්න කාලයක් මේ වගා හානි තක්සේරු කිරීම සිදු කෙරිණි. මේ වනවිට එම කටයුතු අවසන් අදියරට ළඟා වී තිබේ. දැනට වාර්තා වී තිබෙන වගා හානි ප්‍රමාණය අක්කර 65,000ක් පමණ වේ. එමඟින් ගොවීන් 67,000ක් පීඩාවට පත්ව ඇත. මේ කටයුතු අවසන් වූ වහාම, සම්පූර්ණ වගා හානි තක්සේරු කිරීමේ වාර්තාව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාට භාරදීමට පියවර ගන්නා බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT