විල්ගමුව ජනතාවගේ ප්‍රබල සෞඛ්‍ය ගැටලුවක් වූ වකුගඩු ප්‍රශ්නයට විසඳුමක් ලෙස පැවති හීං ගඟ ජල යෝජනා ක්‍රමය නැවත ආරම්භ කෙරේ. මේ සම්බන්ධයෙන් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා සමඟ සාකච්ඡා කර එය නැවත ආරම්භ කිරීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරනු ලැබූ ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට විල්ගමුව ජනතාව ස්තුතිය පළ කළහ. මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ආසන්නයේ විල්ගමුව බල ප්‍රදේශයේ විල්ගමුව සංවර්ධන සැලැස්ම යටතේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය 2016 ඔක්තෝබර් මස ආරම්භ කළ අතර, එය දීර්ඝ කාලයක් වැඩ කටයුතු අවසන් නොකර තිබුණි.
ලග්ගල ජනතාවගේ අභීත නායකත්වය වූ ලග්ගල ආසනයේ සංවර්ධන කමිටු සභාපති ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීමෙන් හා අධීක්ෂණයෙන් යළිත් එම වැඩ කටයුතු ආරම්භ කළ අතර ඉතා ඉහළ ප්‍රගතියක් වර්තමානය වන විට එහි දක්නට ලැබෙයි.