201
ශ්‍රීමත් අනගාරික ධර්මපාල ගුණ සැමරුම නිමිත්තෙන් මාලඹේ සුසිත පුර අශෝකාරාමස්ථ සුසිත දහම් පාසලේ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.
සුසිත දහම් පාසලේ ප්‍රධානාචාර්ය සහ අනුශාසක අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක දිමියාවේ අමරවංස මහ නාහිමියන්ගේ අනුශාසනා පරිදි මේ කටයුතු සංවිධාන කර තිබේ. ඒ අනුව හෙට(17) පෙරවරු 9.00 දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ට ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීම සිදු කෙරේ. “ශ්‍රීමත් අනගාරික ධර්මපාල ගුණ සමරු දේශනය නායකත්ව ලක්ෂණ” මැයෙන් කලා භූෂණ ශාස්ත්‍රවේදී පෑබොටුව විජිතනන්ද හිමියෝ පවත්වති.