Home » මෙරට අධ්‍යා­පන රටාවේ විප්ල­වීය වෙන­ස­කට ලොව පිළි­ගත් සර­ස­වි­යක්
දෙස් විදෙස් සිසුන්ට උපාධි වරම්:

මෙරට අධ්‍යා­පන රටාවේ විප්ල­වීය වෙන­ස­කට ලොව පිළි­ගත් සර­ස­වි­යක්

ශ්‍රී ලංකා ජාත්‍ය­න්තර විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති කියයි

by Gayan Abeykoon
September 16, 2023 1:08 am 0 comment

ජයසිරි මුණසිංහ

විදේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් නොව දේශීය සිසුන්ටද වැඩි වැඩියෙන් උපාධි හැදෑරීමට අවස්ථාව උදා කරන ලොව පිළිගත් විශ්වවිද්‍යාලයක් මෙරට ආරම්භ කළ බව ශ්‍රී ලංකා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ (IUSL) උපකුලපති ආචාර්ය ප්‍රභාත් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඉකුත්දා පැවති IUSL විශ්වවිද්‍යාලයේ ආරම්භය සනිටුහන් කළ උත්සව සභාවේදී අදහස් දක්වමින් ආචාර්යවරයා එසේ කීය.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ඔහු මෙසේද පැවසීය.

“ඕනෑම සිසුවකුට තමන් තෝරාගත් විෂය පරාසයක සහ තෝරාගත් වෘත්තීය මාර්ගයක් මත උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබීමට දැන් දොරටුව විවෘත වී තිබෙනවා. IUSL විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන රටාවේ විප්ලවීය වෙනසක් සිදු කරනු ඇත. අපේ කලාපයේ සහ කලාපයෙන් බැහැර රටවල භූගෝලීය අනන්‍යතා රැක ගනිමින් දැනටමත් ප්‍රසිද්ධ කලාපීය විශ්ව විද්‍යාල නිර්මාණය වී තිබෙනවා. අපේ රටෙත් එවැන්නක් ඇති කළ යුතුයි. එමගින් අද්විතීය කාර්මික අවශ්‍යතා සපුරාලීම සහ අනාගත සිසුන්ට භූගෝලීය කර්මාන්ත විශේෂීකරණය කිරීමට ඉඩ දෙමින් දීප්තිමත් අනාගතයක් සඳහා සූදානම් කිරීම කළ හැකිය.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය (IUSL Campus) බුද්ධිමය වර්ධනය ඉහළ නැංවීමට සහ සහභාගිත්ව කටයුතු ප්‍රවර්ධනය කිරීමට නිර්මාණය කර ඇති සුවිශේෂී අධ්‍යාපනික අත්දැකීමක් ලබා දෙන විශ්වවිද්‍යාලයක්.

මෙයින් ශ්‍රී ලංකාවේ ඉගෙනුම් ක්‍රමයේ විප්ලවයක් ඇති කරනවා. IUSL මඟින් දැනුම, නිර්මාණශීලිත්වය සහ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමින් යුතු අත්දැකීම් බහුල විද්‍යාර්ථයින් බිහි කිරීමට කටයුතු කරනවාÓ යැයි ඔහු පැවසීය.

IUSL හි ඉගෙනුම් ක්‍රමය අද්විතීය වන අතර වසර ගණනාවක් පුරා විශේෂඥ කණ්ඩායම විසින් ගැඹුරින් ගවේෂණය කරන ලද පැරණි ඉගැන්වීම් – ඉගෙනුම් ක්‍රම මත පදනම්ව ක්‍රියාවට නැංවීමට කටයුතු කරනවා. අතීතයේ බුද්ධාගම සහ අධ්‍යාපනය ඒකාබද්ධ වූ අතර හොඳින් උගත් පණ්ඩිතයන් අනාගත පරපුරට සෞභාග්‍යවත් දේශයක් උරුම කරදීමට ඒ හරහා බිහි වුණා. එවන් ඉ‍ෙගන ගැනීමක් වර්තමානයටත් අවශ්‍යයයි. එවැනි ඉගැන්වීම් ක්‍රමයක් වර්තමානයේ දෙස් විදෙස් දරුවන්ට උරුම කර දීමට උපකාර කළ හැකි ගැඹුරු අධ්‍යාපන වේදිකාවක් අපේ විශ්වවිද්‍යාල තුළින් බිහි කරනවා. අපි එයට නායකත්වය ලබා දෙනවාÓ යැයිද ආචාර්ය වීරසිංහ මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT