ජාතික රූපවාහිනියෙන් ඉරිදා සවස 6.00 සිට 6.30 දක්වා විකාශනය වන එතෙර මෙතෙර වැඩසටහන නරඹන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ආරම්භ කළ ’එතෙර මෙතෙර වාසනා’ තරගයේ 2023 වර්ෂය සඳහා පැවති පළමු කුසපත් ඇදීම, ලංකා බැංකුවේ ජාත්‍යන්තර, භාණ්ඩාගාර හා ආයෝජන අංශය භාර නියෝජ්‍ය මහා කළමනාකාර ආර්.එම්.එන්.ජීවන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ලංකා බැංකු මූලස්ථානයේදී සිදු විය. කුසපත් ඇදීමෙන් අප්‍රේල් හා මැයි මාස සඳහා ත්‍යාගය වන දම්රෝ ශීතකරණය, හෝමාගම පදිංචි පුෂ්පා ශ්‍යාමලී මහත්මිය ජයග්‍රහණය කළාය. ’එතෙර මෙතෙර වාසනා’ තරගයට ඇතුළත්වීමට ඔබ විසින් කළ යුත්තේ එතෙර මෙතෙර වැඩසටහන නරඹන අතරතුර එහි ප්‍රදර්ශනය වන BOC Smart Remit සංකේතය දිස් වූ වාර ගණන සහ වැඩසටහන විකාශනය වූ දිනය අප විසින් සඳහන් කරනු ලබන දුරකතන අංකයට (0701 125 125) නිවැරදිව SMS කිරීමයි. ලංකා බැංකුවේ ජාත්‍යන්තර භාණ්ඩාගාර හා ආයෝජන අංශය භාර නියෝජ්‍ය මහා කළමනාකාර ආර්.එම්.එන්.ජීවන්ත මහතා විසින් කුසපත් ඇදීම සිදු කරනු ලබන අයුරුයි මේ.
‘එතෙර මෙතෙර වාසනා’ දම්රෝ ශීතකරණ ජය හෝමාගමට…
September 16, 2023 1:08 am
0 comment
197