Home » සදා­චා­රා­ත්මක වශ­යෙන් අපේ රට නරක තැන­කට පත්ව තිබෙ­නවා

සදා­චා­රා­ත්මක වශ­යෙන් අපේ රට නරක තැන­කට පත්ව තිබෙ­නවා

ඇමැති විදුර වික්‍ර­ම­නා­යක

by gayana
September 16, 2023 1:15 am 0 comment

මා තුළ උඩු අරමුණු යටි අරමුණු කියා දෙයක් නොමැති බවත්, සිතේ තියෙන දේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා පැවසීය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ (15) බත්තරමුල්ලේ පිහිටි සිය අමාත්‍යාංශයේ පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

තවදුරටත් ඒ මහතා මෙසේ ද පැවසීය.

එකමුතු වූ හැම වේලාවකදීම අපි දිනලා තිබෙනවා. එසේ නොමැති විටක පරාජයට පත්වෙනවා. යථාර්ථයට පිටුපාලා කිසි දෙයක් කරන්න බැහැ. කරලා වැඩකුත් නැහැ. ඒ නිසා තමයි අවුරුදු හැත්තෑ පහකට පස්සේ කියන්නේ බංකොලොත් කියා. යථාර්ථය මොකක්ද කියා තේරුම් ගන්නේ නැතුව, යථාර්ථය සමඟ යන වැඩපිළිවෙළක් හදන්නේ නැතිව සිහින වැඩපිළිවෙළ හදන්න ගිහිල්ලා අපි ඇනගත්තා.

සදාචාරාත්මක වශයෙන් අපේ රට ඉතාමත් නරක තැනකට තල්ලු වී තිබෙනවා. එතනින් රට ගොඩගන්න කටයුතු කරන්න ඕනේ. රට ගොඩගන්න ලේසි ක්‍රම තිබෙනවා. හැබැයි ඒ ක්‍රම වැඩිකල් දුවන්නේ නැහැ. ඒ නිසා අපි අපිටම ආවේණික ක්‍රමවේදයක් ඔස්සේ ඉදිරියට යන්න උත්සාහ කරන්න ඕනේ.

අපේ කටයුතු සඳහා කොපමණ ප්‍රමාණයක් මුදල් වෙන් වුණත් අපිට කරන්න පුළුවන් උපරිමය අප කරනවා. යමකට ඉඩකඩ නොමැති නම් අපි දක්ෂ වෙන්න ඕනේ ඉඩකඩ හදාගන්න.

ඉදිරියේදී තම අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳව මාධ්‍ය ප්‍රධානීන් හා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. යහපත් පුරවැසියෙක් නිර්මාණය කිරීම බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට අයත් දෙයක්.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT