බස් රථය ධාවනය කරමින් සිටියදී බස් රථය තුළ රියැදුරු සිහිසුන් වී මියයාම නිසා සිදුවීමට ගිය මහා විපතක් බේරාගත් එම බස් රථයේ කොන්දොස්තර මහතා පිළිබඳව 15 වැනි දින සිදු කළ මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.
මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරිජයන්ත වික්‍රමරත්න මහතා ඉදිරියේ දී මෙම මරණ පරීක්ෂණය පැවැත්වුණි. මෙසේ මියගොස් ඇත්තේ නැඟෙනහිර කලුවාරිප්පුව කටාන පදිංචිව සිටි සිසිර පියල් (45) නමැත්තෙකි. මෙම පෞද්ගලික බස් රථය 15 වැනි දින පෙරවරු මීගමුව බස් නැවතුම්පොළෙන් කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී දඬුගම පාලම ආසන්නයේදී රියැදුරු තම ආසනයේදීම සිහිසුන්ව එක් පැත්තකට නැමී ඇත. එම අවස්ථාවේ ධාවනය වෙමින් තිබූ බස් රථය එහි කොන්දොස්තර මහතා වන සසිත් වසන්ත (45) යන අය තම දෙඅත් උපයෝගී කරගෙන බ්රේක් ගසා නවතා ඇතැයි කියයි. එම නිසා සිදුවීමට ගිය මහා විපතක් බේරාගත් නිසා මගීහූ කොන්දොස්තර මහතාට ස්තුතිය ප්‍රකාශ කර තිබේ.
සිහිසුන් වු රියැදුරු සීදූව විජය කුමාරතුංග රෝහලට ඇතුළත් කළ පසු එහි දී මිය ගොස් ඇත. හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා විසින් මෙම මරණය පිළිබඳව මීගමු රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි මඟින් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර වාර්තා කරන ලෙස සීදුව පොලිසියට නියම කළේය.