Friday, May 9, 2025
Home » ජාත්‍ය­න්තර වෙරළ පවි­ත්‍රතා දිනය අද

ජාත්‍ය­න්තර වෙරළ පවි­ත්‍රතා දිනය අද

by Gayan Abeykoon
September 16, 2023 1:20 am 0 comment

උපාලි කරු­ණා­රත්න

ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය අදට (16) යෙදී ඇති අතර, අද සිට ආරම්භ වන සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතියට සමගාමීව වෙරළබඩ දිස්ත්‍රික් 14ම ආවරණය වන පරිදි හඳුනාගත් වෙරළ තීර සහ කලපු ප්‍රදේශ ඉලක්ක කරගනිමින් පවිත්‍රතා වැඩසටහන් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සැලසුම් කර ඇත.

මෙහි ප්‍රධාන වැඩසටහන අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් වරාය නගරය කෘත්‍රිමව සකසන ලද වෙරළ තීරයේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT