Saturday, May 10, 2025
Home » පටි­පා­ටි­යෙන් පිට රට පුහු­ණු­වට ගිය වෛද්‍ය­ව­රු­න්ටත් අපේ දොරටු විවෘ­තයි

පටි­පා­ටි­යෙන් පිට රට පුහු­ණු­වට ගිය වෛද්‍ය­ව­රු­න්ටත් අපේ දොරටු විවෘ­තයි

by Gayan Abeykoon
September 16, 2023 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින වෛද්‍යවරුන්ගේ හිඟය හමුවේ වෛද්‍ය සේවයේ පුහුණුව සඳහා නිසි පටිපාටියට පරිබාහිරව විදේශගතව සිටින වෛද්‍යවරුන්ටද යළි මෙරටට පැමිණ සේවයේ නිරත වීමට අවස්ථාව පවතින බව සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

සෞඛ්‍ය සේවයේ පවතින පුරප්පාඩු පියවාගැනීම සඳහා පවතින සැලසුම් අනාවරණය කරමින් ඇමැතිවරයා මාධ්‍ය වෙත මේ අදහස් ප්‍රකාශ කළේය.

ඇතැම් වෛද්‍යවරුන් නිසි පටිපාටියට අනුව නිවාඩු ගෙන විදෙස්ගතව ඇති අතර ඇතැම් පිරිසක් නිසි පටිපාටියෙන් පරිබාහිරව විදෙස්ගතව ඇති බවත්, එබඳු අයට වුව නැවත මෙරටට පැමිණ සේවය කිරීමට අවස්ථාව ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. වෛද්‍ය සේවයේ පුහුණු කටයුතු සඳහා විදේශගතව සිටින වෛද්‍යවරුන් 600ක් පමණ ඉදිරි මාස 2ක කාලයේ යළි මෙරටට පැමිණීමට නියමිත අතර, ඔවුන්ට යළි රෝහල් සේවයට එක් විය හැකි බවත්, වයස අවුරුදු 63දී සේවයෙන් විශ්‍රාම යන වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් නැවත සේවයට එක් කරගැනීමේ සැලසුමක් පවතින බවත් වයස අවුරුදු 63 පිරෙන වෛද්‍යවරුන්ට නියමිත ක්‍රියාපටිපාටියට අනුව විශ්‍රාම යෑමට හැකි අතර, පසුව වසර 2ක කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට එක් විය හැකි බවත් ඇමැතිවරයා මෙහිදී පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT