ටීවී සහ රේඩියෝ චැනල්වලින් පාස්කු දින ප්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මඟින් දුන් වාර්තාවක් පාර්ලිමේන්තුවේ තිබෙන බවත් ඒ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි නම් කළ යුත්තේ ත්‍රස්තවාදීන්, අන්තවාදීන් ගැන පරීක්ෂණ සිදු කරන ලෝකයේ තිබෙන රාජ්‍ය ආයතන සම්බන්ධ කරගෙන පරීක්ෂණයක් කිරීම බවත් හෙතෙම කීවේය. රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එසේ නැතිව මැතිවරණයක් ආසන්න වන විට මේ කාරණය එළියට දමමින් දේශපාලනීකරණය කිරීමට ඇතැම් පිරිසක් උත්සාහ ගනිමින් සිටින බව ඒ මහතා පැවසීය.
එම නිසා නිවැරැදිව පරීක්ෂණ කරන රාජ්‍ය ආයතනවලට එම පරීක්ෂණ කිරීමට සහාය ලබා දෙන්න සූදානම් බවද රාජපක්ෂ මහතා කීවේය. මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා,අගමැතිවරයා කාලයේ දී පවා පාර්ලිමේන්තුවේ දී තේරීම් කාරක සභාවක් පත් කර තිබුණා මේ පිළිබඳ සොයා බලන්න. එම කමිටුවේ සරත් ෆොන්සේකා මහතා වගේම සුමන්දිරන් මහතාත් සාමාජිකයන් විදිහට ඉදලා තිබෙනවා.
එම වාර්තාවන් පාර්ලිමේන්තුවේ තිබෙනවා. මේ වාර්තා සම්බන්ධයෙන් යම් කිසි කෙනකුට සෑහීමකට පත් වෙන්න බැරිනම්, රාජ්‍ය නොවන සංවිධාන.
විශේෂයෙන්ම ඉන්දියාව එංගලන්තය හා අමෙරිකාව වගේ රටවල එවැනි රාජ්‍ය ආයතන තිබෙනවා. නැතිනම් හැමදාම මැතිවරණයක් ළංවන වෙලාවට මේක එළියට එනවා. ඊට පස්සේ යට යනවා. අපට මේක දේශපාලන කාරණයක් කරගන්න බැහැ.
නුවන් කොඩිකාර