පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට තරුණයන්ට පෙරට එන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය සමරන 15 දින පාස්කු ප්‍රහාරය හේතුවෙන් සිය ජීවිත අහිමි වූ පවුලේ අය අහිමි වූ ඥාති මිත්‍රාදීන් අහිමි වූ ඒ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය වෙනුවෙන් සැම දෙනාම එකට එක්වී සිය යුතුකම කල යුතු බවත් රජය මේ සම්බන්ධයෙන් සත්‍ය හෙළි නොකරන්නේ නම් මෙහි සැබෑ යථාර්ථය හා සත්‍ය සොයා ගැනීමට මෙරට තාරුණ්‍යය සවිබල ගන්වා ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාමාර්ගවලට එළැබීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේට (15) යෙදී ඇති ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය නිමිති කොට ගෙන විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය 15 දවසේ ප්‍රධාන තේමාව වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට තාරුණ්‍යයේ කාර්යභාරය බවත් තරුණයන් සවිබල ගැන්වීම තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ තේමාව ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.
එසේම පාස්කු ප්‍රහාරය නිසා විපතට හා හානියට පත් මෙරට ජනතාවගේ අහිමි වූ ජීවිත වෙනුවෙන් තාරුණ්‍යයේත් අපගේත් කාර්යභාරය වී ඇත්තේ සත්‍ය සොයා යාම බවත් රජයට හා රජයට සම්බන්ධ සියලු කණ්ඩායම් සත්‍ය වසන් කර, එහි සුළු මුල මහමොළකරුවන් හා ඊට සම්බන්ධ ප්‍රධානීන් ආදිය සම්බන්ධයෙන් සත්‍ය මඟහරිමින් සිටින අවස්ථාවක රටේ තාරුණ්‍යයේ හා පුරවැසියන්ගේ වගකීම වන්නේ මෙහි සැබෑ සත්‍ය හෙළි කරගැනීම බවත් එය ප්‍රජාතන්ත්‍රවාදී දිනය සමරණ මේ මොහොතේ අප අවබෝධ කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රක්ෂණ ශ්‍රියන්ත