Home » මහ­වැලි ගඟේ වැලි කැණී­මේදී හමු වූ මැටි කළ පුරා­විද්‍යාත්මකව වටිනවා

මහ­වැලි ගඟේ වැලි කැණී­මේදී හමු වූ මැටි කළ පුරා­විද්‍යාත්මකව වටිනවා

උතු­රු­මැද පළාත් පුරා­විද්‍යා සහ­කාර අධ්‍යක්ෂ එම්. ජී. රත්න­පාල

by Gayan Abeykoon
September 16, 2023 1:23 am 0 comment

මනම්පිටිය - නිමල් ජයරත්න

මනම්පිටිය මහවැලි ගඟේ මැද වැලි කැණීම් කරමින් සිටි කම්කරුවන් කීපදෙනෙකුට හමු වූ මැටි කළ දෙක පුරාවිද්‍යා වටිනාකමකින් යුත් කළ දෙකක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරුමැද පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ එම්. ජී. රත්නපාල මහතා සඳහන් කළේය.

හමුවූ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් එම කළ දෙක, පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකර එහි වාර්තාවක් දෙසතියක් තුළ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යැවීමට කටයුතු කරන බවත් එම කළ දෙක නඩු භාණ්ඩ වශයෙන්, පොලොන්නරුව වනජීවී කාර්යාලය මඟින් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර ඒ පිළිබඳ මූලික වාර්තාවක් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා වෙත යවා ඇති බවද අප කළ විමසීමකදී රත්නපාල මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

මනම්පිටිය මහවැලි ගඟ මැද තිබී හමු වූ මෙම ඉපැරණි මැටි කළ දෙක සතියකට ආසන්න කාලයක් වැලි ගොඩදමන පෞද්ගලික සමාගම තබා ගැනීමෙන් පසු පොලොන්නරුව වනජීවි කාර්යාලයට භාර දීමට කටයුතු කර තිබිණි,

අප ඒ පිළිබඳ පොලොන්නරුව අඩවි සහකාර ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ

“එම කළ දෙක පුරාවිද්‍යා වටිනාකමක් නැති කළ දෙකක් බවත් ඒවා සාමාන්‍ය මිනිසුන් භාවිත කළ කළ දෙකක් හෝ කිසියම් කෙනකු හෝ පුද්ගලයන් පිරිසක් මිනී අළු දමා මහවැලි ගඟට විසි කර ඇති බවට සැක කරන බවයි.”

මනම්පිටිය මහවැලි ගඟේ මැද කැණීම් කටයුතු කිරීම පරිසර හා වනජීවි පනත අනුව නීති විරෝධී කටයුත්තක් බවත්, කිසිදු කමිටුවකින් මනම්පිටිය මහවැලි ගඟ මැද වැලි කැණීම් කිරීමට අවසර ලබාදී නොමැති පසුබිමක පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ප්‍රදේශ කැණීම් කිරීම බරපතළ වරදක් හා දඬුවම් ලැබිය යුතු වරදක් බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකර ඊට දැඩි නීතිමය පියවර ගන්නා ලෙසත්, වැලි කැණීම් කරන්නන්ට එරෙහිව දඬුවම් ලබාදෙන ලෙසද අප වනජීවී නිලධාරීන්ගේ වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති කුමාරසිරි විජයකෝන් මහතාගෙන් කළ විමසීමකදී පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT