Home » පනා­වැන්න ඇළේ සිරු­රක් ගහ­ගෙන ඇවිත්

පනා­වැන්න ඇළේ සිරු­රක් ගහ­ගෙන ඇවිත්

by Gayan Abeykoon
September 16, 2023 1:25 am 0 comment

කහවත්ත - නිරෝෂණ පෙරේරා

කහවත්ත නගරයට ආසන්නව ගලායන පනාවැන්න ඇළේ ගසාගෙන ආ සිරුරක් ප්‍රදේශවාසීන් විසින් කළ දැනුම්දීමකින් පසු පොලිසිය සොයාගෙන තිබේ. පොලිසිය පැවසුවේ ඊයේ (15) උදෑසන හයහමාරට පමණ කහවත්ත පනාවැන්න ඇළ ආසන්නයේ පදිංචි කාන්තාවක් ඇළ මැද තිබූ මෙම පිරිමි සිරුර දැක පොලිසියට දැනුම් දී ඇති බවයි. මියගිය පුද්ගලයා අවුරුදු 40ක පමණ අයෙක් බවත්, සිරුරේ තුවාලයක් දක්නට ඇති අතර ඔහු ඇළට වැටී මියගියාද නැත්නම් ඝාතනයක්ද යන්න මෙතෙක් සොයාගෙන නැති බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවත්වීමට නියමිතව තිබුණි. කහවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි. රත්නපුර අපරාධ ස්ථානාගාර නිලධාරීන් ද පරීක්ෂණ සඳහා පැමිණ තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT