Home » අංග­මුව කනි­ෂ්ඨ­යේදී ශිෂ්‍යත්ව දරු­වන්ට සම්ම­න්ත්‍ර­ණ­යක්

අංග­මුව කනි­ෂ්ඨ­යේදී ශිෂ්‍යත්ව දරු­වන්ට සම්ම­න්ත්‍ර­ණ­යක්

by Gayan Abeykoon
September 16, 2023 1:12 am 0 comment

පාදුක්ක සමූහ - රෙක්සි වෙත්තසිංහ

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් සුගීෂ්වර බණ්ඩාර පදනම විසින් සංවිධාන කරන ලද ශිෂ්‍යත්ව පෙරහුරු සම්මන්ත්‍රණයක්, පාදුක්ක අධ්‍යාපන කොට්ඨාසයේ අංගමුව කනිෂ්ඨ විද්‍යාලයේදී ඊයේ (15) පැවැත්විණි.

මෙම වැඩමුළුව සඳහා අංගමුව කනිෂ්ඨ විද්‍යාලය, උඩුමුල්ල එම්.ඩී.එච්. ජයවර්ධන විද්‍යාලය, සහ වේරගල කනිෂ්ඨ විද්‍යාලය යන විදුහල්වල මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.

අංගමුව කනිෂ්ඨ විද්‍යාලය සුරැකීමේ සංවිධානයේ සහ පාසල් සංවර්ධන සමිතියේ ඉල්ලීමක් මත, ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක ජනරාල් සුගීෂ්වර බණ්ඩාර මහතාගේ මඟපෙන්වීම යටතේ, පැවැත්වූ මෙම ශිෂ්‍යත්ව පෙරහුරු සම්මන්ත්‍රණය සඳහා දේශක විරාජ් මද්දුමකළුගේ මහතා සම්පත් දායකත්වය ලබා දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT