Home » අයිස් හා ගංජා එක්ක වනා­ත­වි­ල්ලු­වේදී අයෙක් දැලේ

අයිස් හා ගංජා එක්ක වනා­ත­වි­ල්ලු­වේදී අයෙක් දැලේ

by Gayan Abeykoon
September 16, 2023 1:22 am 0 comment

වනාතවිල්ලුව සමූහ - කේ. ප්‍රියංකර කළුපහන

වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් කාටුපුලියන්කුලම ප්‍රදේශයේ නීති විරෝධි ලෙස අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට වනාතවිල්ලුව පොලිසිය සමත්ව තිබුණි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වනාතවිල්ලුව, කාටුපුලින්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60ක් වන පුද්ගලයෙකි. මොහු අධික ලෙස අයිස් සහ ගංජා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මොහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4,400ක් සහ ගංජා මිලිග්‍රෑම් 680ක් පොලිසිය සොයාගෙන ඇත.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සුමුදු සේනානායක මහතාගේ මෙහෙයවීමෙන් වනාතවිල්ලුව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT