ප්රධාන මාර්ගය අවහිර වන ආකාරයට ගහගනිමින් සිටි සැකකරුවන් දොළොස් දෙනකු පෙරේදා (14) අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩඋයන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් හතර දෙනෙකු සහ පිරිමින් අට දෙනෙකු සිටින බව පොලිසිය පවසයි.
ගහගැනීමට හේතුව පොලී මුදල් ගනුදෙනුවක් බව සඳහන් කරන පොලිසිය පහර කෑමට ලක්වූ තුවාලකරුවන් දෙදෙනෙකු දෙපාර්ශවයේ සිටි අය බව පොලිසිය පවසයි.
මෙම ආරවුල ඔවුන්ගේම ඥාතීන් අතර සිදු වූ ආරවුලක් බව සඳහන් කරන පොලිසිය මොවුන් කොරළවැල්ලේ පදිංචිකරුවන් බව පවසයි.
ගාලු පාර මැද අවහිර වන ආකාරයට දෙපිරිසක් රණ්ඩුවන බවට ලැබුණු දුරකතන ඇමතුමකට අනුව නිලධාරීන් එම ස්ථානයට ගමන් කළ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පාර්ශ්ව සම්බන්ධයෙන් නීතිමය ක්රියාමාර්ග ගැනීමට නියමිතය.