Home » ගාලු පාර හරස් කරන් ගුටි කෙළ­ගෙන පොලිසියේ

ගාලු පාර හරස් කරන් ගුටි කෙළ­ගෙන පොලිසියේ

by Gayan Abeykoon
September 16, 2023 1:18 am 0 comment

ශ්‍රී ජයවර්ධනපුර තරංගා රුවන්පතිරණ

ප්‍රධාන මාර්ගය අවහිර වන ආකාරයට ගහගනිමින් සිටි සැකකරුවන් දොළොස් දෙනකු පෙරේදා (14) අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩඋයන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් හතර දෙනෙකු සහ පිරිමින් අට දෙනෙකු සිටින බව පොලිසිය පවසයි.

ගහගැනීමට හේතුව පොලී මුදල් ගනුදෙනුවක් බව සඳහන් කරන පොලිසිය පහර කෑමට ලක්වූ තුවාලකරුවන් දෙදෙනෙකු දෙපාර්ශවයේ සිටි අය බව පොලිසිය පවසයි.

මෙම ආරවුල ඔවුන්ගේම ඥාතීන් අතර සිදු වූ ආරවුලක් බව සඳහන් කරන පොලිසිය මොවුන් කොරළවැල්ලේ පදිංචිකරුවන් බව පවසයි.

ගාලු පාර මැද අවහිර වන ආකාරයට දෙපිරිසක් රණ්ඩුවන බවට ලැබුණු දුරකතන ඇමතුමකට අනුව නිලධාරීන් එම ස්ථානයට ගමන් කළ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පාර්ශ්ව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT