පානදුර දිසා විනිසුරු නිල නිවෙසේ සරනේරු සහ සොයිබ ඇතුළු පිත්තල භාණ්ඩ ගලවාගෙන ගොස් සිටි සැකකරුවකු ඊයේ (15) අත්අඩංගුවට ගැනීමට පානදුර දකුණ පොලිසිය සමත්ව ඇත.
පානදුර එළුවිල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය. බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු සොරාගත් පිත්තල සරනේරු, සොයිබ ඇතුළු භාණ්ඩවලින් කොටසක් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබේ. ඉකුත් ජුනි 05 වැනිදා පානදුර දිසා විනිසුරු අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත්, සොරකම සිදුවන කාලසීමාවේ විනිසුරුවරයා එහි පදිංචිව සිට නැති බවත් පොලිසිය කීය. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේමාල් වීරසිංහ, සැරයන් ඉන්දික (9476), කොස්තාපල්වරුන් වන ජයවික්‍රම (99513), බණ්ඩාරනායක (100014), බණ්ඩාර (100265), මධුමාල් (100103) යන අය වැටලීමට එක්වූහ.