ගිරිඋල්ල පස්යාල මාර්ගයේ හිරිවල ප්‍රදේශයේ පදික මාරුවකදී කාරයක හැපී හැට හත් හැවිරිදි කාන්තාවකට බරපතළ තුවාල සිදු වී ඇති අනතුරකට සම්බන්ධ සැකකාර කාර් රථ රියැදුරා තුවාලකාරිය වෙනුවෙන් තාවකාලිකව සානුකම්පිත දීමනාවක් වශයෙන් රුපියල් පනස් දහසක මුදලක් ගෙවීමට කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (12) පස්වරුවේ ඔහුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප නියම කළේය.
සුගත් වසන්ත කුමාර නමැත්තෙකුට එසේ ඇප නියම ෙකරිණි. රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයට පුද්ගලයින් දෙදෙනෙකු අත්සන් කළ යුතු බවට ද නියෝග ෙකරිණි.
සැකකරු ඉකුත් 11 පාන්දර ගිරිඋල්ල පස්යාල මාර්ගයේ ගිරිඋල්ල දෙස සිට පස්යාල දෙසට කාරයක් පදවාගෙන යද්දී හිරිවල ප්‍රදේශයේ පදික මාරුවකින් මාර්ගය හරහා මාරු වෙමින් සිටි හැට හත් හැවිරිදි කාන්තාවකගේ හැපී බරපතළ තුවාල සිදු වී තිබිණ.
එම අනතුර සම්බන්ධව පල්ලෙවෙල පොලිසියේ රථ වාහන අංශය පරීක්ෂණ පවත්වා සැකකාර රියැදුරා අත්අඩංගුවට ගෙන තිබිණ.
පල්ලෙවෙල පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් ප්‍රදීප් ප්‍රියන්ත මහතා කරුණු දක්වමින් සැකකාර රියැදුරාගේ නොසැලකිල්ල නිසාම අනතුර සිදු වී ඇති බවත් අනතුරින් තුවාලකාරියගේ එක් පාදයක් තුන් පොළකින් කැඩී බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටින බවත් කියා සිටියේය.
මෙහිදී සැකකාර රියැදුරා තුවාලකාරිය වෙනුවෙන් තාවකාලිකව සානුකම්පිත දීමනාවක් වශයෙන් රුපියල් පනස් දහසක මුදලක් ගෙවීමට කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එසේ ඔහුට ශරීර ඇප නියම කෙරිණි.
නැවත කැඳවීම 2024.02.28 වැනිදාට කල් තැබිණ.
පල්ලෙවෙල පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් ප්‍රදීප් ප්‍රියන්ත මහතා පැමිණිල්ල මෙහෙයවිය.