Home » වර­කා­පොළ ශෛල­මා­ල­කා­රා­ම­යේදී පැළ බෙදා දීමක් හෙට

වර­කා­පොළ ශෛල­මා­ල­කා­රා­ම­යේදී පැළ බෙදා දීමක් හෙට

by Gayan Abeykoon
September 16, 2023 1:00 am 0 comment

කෑගල්ල දිස්ත්‍රික් සමුහ දයාරත්න බණ්ඩාර

පලතුරු පැළ හා ඖෂධ පැළ බෙදා දීමක් වරකාපොළ ශෛලමාලකාරාම විහාරස්ථානයේ දී

ජාතික රුක් රෝපණ දිනය නිමිත්තෙන් පලතුරු පැළ හා ඖෂධ පැළ බෙදා දීමේ උත්සවයක් හෙට (17) ඉරිදා වරකාපොළ ශෛලමාලකාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

දැනට රටේ පෘථිවි ගෝලයේ පවතින උෂ්ණත්වය වැඩිවීම වැළැක්වීම හා ඒ මඟින් ජනතාවට ඇති වී තිබෙන සමේ රෝග වළක්වා ගැනීම, ඕසෝන් ස්ථරය රැක ගැනීම, වායු දූෂණය අඩුකර ගැනීම, කපන ගස් ප්‍රමාණයට වැඩියෙන් වන වගාව ව්‍යාප්ත කර ගැනීම හා ගමේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න දිවියකට අත්වැලක් වීම අරමුණු කරගෙන මෙම ඖෂධ පැළ හා පලතුරු පැළ ජනතාවට බෙදා දෙනු ලබයි.

වරකාපොළ පියදස්සී දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රවේදී පූජ්‍ය සූරියවැව විජේසීහ හිමියන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කරන අතර වරකාපොළ ප්‍රගති ග්‍රාම සංවර්ධන සමිතිය, සිංහ සමාජය, විශාකා වැඩිහිටි සමිතිය හා ස්වේච්ඡා සංවිධානවල සහභාගීත්වයෙන් පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT