Home » බලධාරීන් නුදුටු රත්මලේ වැව අලුත්වැඩියාවට ගැමියෝම බසිති

බලධාරීන් නුදුටු රත්මලේ වැව අලුත්වැඩියාවට ගැමියෝම බසිති

සොර­වුවේ පැති බැමි සම්පු­ර්ණ­යෙන් දිරා­ප­ත් වෙලා වතුර නැතුව ගොවියෝ පීඩා­වෙන්

by Gayan Abeykoon
September 16, 2023 1:15 am 0 comment

පොලොන්නරුව දිස්ත්‍රීක්කයට අයත් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මින්නේරිය, රත්මලේ ගම්මානයේ පිහිටි පුරාණ රත්මලේ වැව වසර ගණනාවකින් නිසි ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු නොවීම මත එම වැව ගම්වාසී ගොවි ජනතාවගේ හා ගම්වාසී ධීවර ජනතාවගේ ශ්‍රම දායකත්වය මත එම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

අක්කර අඩි 1200 කින් සමන්විත මෙම පුරාණ රත්මලේ වැව මගින් අක්කර 220කට ආසන්න වගා බිම් ප්‍රමාණයකට යල මහ දෙකන්නයේ වගා කටයුතු වෙනුවෙන් දියවර නිකුත් කරනු ලබන අතර ඉන් යැපෙන ගොවි පවුල් ප්‍රමාණය 128කි. ඊට අමතරව එම වැවේ ධීවර කටයුතු වල නිරත ධීවරයින් ගණන 33කි.පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ සුළු වාරිමාර්ග යටතේ පිහිටි වැව් වලින් විශාලතම වැව ලෙසට සැලකෙන්නේද මෙම පුරාණ රත්මලේ වැවය .කෙසේ නමුත් මෙම වැවේ ගොවිතැන් කටයුතු වලට ජලය සපයන ප්‍රධාන සොරව්ව හා එහි පැති බැමි අබලන් වීම මත හා පැති බැමි වල හා වැව් බැම්මේ ආරක්ෂාව වෙනුවෙන් සකස්කර ඇති රලපනාවේ පිහිටි කලු ගල් සොරොවුව තුල සිරවීම තුල වසර ගණනාවක් තිස්සේ තම ගොවිතැන් කටයුතු වලට ජලය ලබා ගැනීමේදී එම වැව යටතේ වගා කරන ගොවි ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටියහ.එමෙන්ම නිසි ලෙස සොරවුවෙන් ඇල මාර්ග ඔස්සේ ජලය ලබා ගැනීමට නොහැකිව යල් කන්නයේදී සැලකිය යුතු වගා බිම් ප්‍රමාණයකට ජලය ලබා ගැනීමට නොහැකිවීමෙන් එම ගොවිතැන් විනාශ වූ බවට ගොවීන් පවසා සිටිති.එමෙන්ම වසර 40කට පමණ ඉහතදී ඉදිකර ඇති සොරවුවේ පැති බැමි මේ වනවිට සම්පුර්ණයෙන් දිරාපත්ව ඇති බවත් එම දිරාපත්වූ පැති බැම්මේ පිහිටි කළු ගල් සොරොවු කට තුළ සිරවීමෙන් වැවෙන් නිසි පරිදි ජලය නිකුත් කිරීමට නොහැකිව ගොවි සංවිදාන නිලධාරීන් මහත් පීඩාවට පත්ව සිටියහ. තමන් විසින් ආරම්භ කල මෙම වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට සිදු කරගෙන යාම සඳහා අවධානය යොමු කොට ඊට අවශ්‍ය පහසුකම් හා ඊට අවශ්‍ය මැදිහත්වීම සිදු කොට මෙම වැවෙහි ප්‍රමාණවත් ජල ධාරිතාවක් ගබඩා කල හැකි පරිද්දෙන් මෙම රත්මලේ පුරාණ වැව පත්කොට අපහසුතාවකින් තොරව තම කටයුතු සිදු කරගෙන යෑම සඳහා කටයුතු කරන ලෙසට එම ගම්වාසීහු ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT