මත්පැන් පානය කර රියැදුරු බලපත්‍රයක්, ආදායම් බලපත්‍රයක් හා රක්ෂණ සහතිකයක් නොමැතිව යතුරුපැදියක් පදවාගෙන ගිය බවට වරද පිළිගත් විත්තිකරුවෙකුට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (14) පස්වරුවේ රුපියල් එක්ලක්ෂ පන්දහසක දඩ නියම කළේය.
ගොඩගම ප්‍රදේශයේ පදිංචි ප්‍රසන්න නයන කුමාර නැමැත්තෙකුට එසේ දඩ නියම කැරිණි.
විත්තිකරු වසර දෙකක කාලයක් ගත වන තුරු රියැදුරු බලපත්‍රයක් ලබාගැනීම සඳහා නුසුදුසු පුද්ගලයෙකු බවට මහේස්ත්‍රාත්වරයා ආඥාවක් නිකුත් කර ඒ පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත දන්වා යැවීමට අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළේය.
අත්තනගල්ල පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් ආර්.ඩබ්ලිව්. වී. ටී. එච්. ඇම්. රාජපක්ෂ (12015) මහතා පැමිණිල්ල මෙහෙය විය.
අත්තනගල්ල පොලිසියේ රථවාහන අංශය වැටලීම සිදු කොට නඩු පවරා තිබුණි.