Saturday, May 10, 2025
Home » අනු­රා­ධ­පුර උඩ­ම­ළුව පොලි­සිය ඉදි­රි­පිටදී පිරි­ස­කට බඹර ප්‍රහා­ර­යක්

අනු­රා­ධ­පුර උඩ­ම­ළුව පොලි­සිය ඉදි­රි­පිටදී පිරි­ස­කට බඹර ප්‍රහා­ර­යක්

පොලිස් සැර­යන් බිරි­යක් අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහ­ලට

by Gayan Abeykoon
September 16, 2023 1:00 am 0 comment

අනුරාධපුර සංචාරක - සශිනි මධුෂානි

ජය ශ්‍රී මහා බෝධි මාවතේ, උඩමළුව පොලිසිය ආසන්නයේදී ඉකුත් 13 වැනිදා බැතිමතුන් ඇතුළු පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ කාන්තාවක අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව උඩමළුව පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ උඩමළුව පොලිසියේ සැරයන්වරයෙකුගේ බිරියක් වන, පෙරිමියන්කුලම, අනුරාධපුර ලිපිනයේ පදිංචි චම්පා කුමුදුනි නැමැති 48 හැවිරිදි කාන්තාවකි.

උඩමළුව පොලිසිය අසල විශ්‍රාම ශාලාවක් අසල සිටි පිරිසක් ද එම බඹර ප්‍රහාරයට ලක් වූ බවද පොලිසිය පවසයි.

ඉදිරියේදී මෙම බඹර කූඩුව ඇවිස්සී බැතිමතුන් පීඩාවට පත් වීමට පෙර, එය ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා වනජීවී නිලධාරීන් දැනුවත් කළ බවද බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT