Friday, May 9, 2025
Home » උතුරු-නැඟෙ­න­හිර පාපන්දු සංව­ර්ධ­නය පිළි­බඳ සංවා­ද­යක්

උතුරු-නැඟෙ­න­හිර පාපන්දු සංව­ර්ධ­නය පිළි­බඳ සංවා­ද­යක්

by Gayan Abeykoon
September 16, 2023 1:14 am 0 comment

පාපන්දු හිටපු සභා­පති ජස්වර් උමර්, හිටපු සභා­පති රංජිත් රුද්‍රිගූ හා හිටපු උප සභා­පති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු යන මහ­ත්වරු යාප­නය අරි­යාලේ ක්‍රීඩාං­ග­ණ­යේදී පාපන්දු ලීග් නියෝ­ජි­ත­යන් උණු­සුම් ලෙස පිළි­ගත් අයුරු.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමර් මහතා උතුරු හා නැඟෙනහිර පාපන්දු ලීග් නියෝජිතයන් හමුවී ඉදිරි පාපන්දු සංවර්ධන සැලසුම් පිළිබඳ සංවාදයක් අරඹයි. යාපනය අරියාලේ ක්‍රීඩාංගණයේදී හා මඩකලපුව ඊස්ට් ලැගූන්හි පැවති මේ විවෘත සංවාදයට හිටපු සභාපති රංජිත් රුද්‍රිගූ මහතා හා හිටපු උප සභාපති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා සහභාගි වී සිටියහ.

මේ ලීග් නියෝජිත හමුවට උතුරු පළාතේ පේදුරුතුඩුව, වඩමාරච්චි, වලිකාමම්, යාපනය, කිළිනොච්චි, මුලතිව්, වව්නියා, මඩුමන්තෙයි හා මන්නාරම යන ලීග් නියෝජිතයෝ පැමිණ සිටි අතර, නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මුතූර්, කින්නියා, මඩකලපුව, කල්කුඩා, ඔට්ටමාවඩි, කාත්තන්කුඩි, අක්කරේපත්තු, අම්පාර හා විශ්වවිද්‍යාල යන ලීග් නියෝජිතයෝ එක්ව සිටියහ. එමෙන්ම බේරුවෙල, ගම්පහ, ජයවර්ධනපුර, දිවුලපිටිය, මඩකලපුව, සීතාවක, මාවනැල්ල, නාවලපිටිය, මීගමුව, කළුතර හා විනිසුරු පාපන්දු සංගමයේ නියෝජිතයන් ද මේ සංවාදයේදී උතුරු – නැඟෙනහිර පළාත් ලීග් නියෝජිතයන් සමඟ අත්වැල් බැඳ ගත්හ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT