Home » සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ සිරුරු කොටස් හමුවෙයි

සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ සිරුරු කොටස් හමුවෙයි

by chanaka
September 17, 2023 9:58 am 0 comment

සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් සො‍යාගෙන තිබේ.

පසුගිය 02 වැනිදා හඟුරන්කෙත පොලිස් වසමේ රුක්වුඩ් වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් නිවසින් පිට ව ගොස් නැවත නිවසට නොපැමිණීමක් සම්බන්ධයෙන් පසුගිය 06 වැනිදා එම කාන්තාවගේ පුතා විසින් හඟුරන්කෙත පොලිසියට පැමිණිල්ලක් දමා තිබිණි.

පසු ව පැමිණිලිකරු වන පුතා තම මව පිළිබඳ ප්‍රදේශවාසීන් සමඟ සොයා බැලීමේ දී පසුගිය 09 වැනිදා මතුරට පොලිස් වසමේ ඔකඳගල ගල් කන්ද පාමුල අතුරුදන් කාන්තාවගේ හිස හා වම් අත නොමැතිව නරක් වී ඇති මෘත ශරීරය හමු ව ඇත.

ඒ සම්බන්ධයෙන් මතුරට පොලිසිය වෙත දැනුම් දීම පරිදි එම සිරුර සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණයක් සිදු කර මෘත දේහය නුවරඑළිය රෝහල වෙත යොමු කිරීමෙන් පසු අධිකරණ වෛද්‍යවරයා විසින් කරන ලද පරික්ෂාවේ දී මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැකකරන බවට නිගමනය කර තිබේ.

එසේ මියගිය කාන්තව වයස අවුරුදු 76ක් වූ රුක්වුඩ් වත්ත, හේවාහැට ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පොලිසිය විසින් තවදුරටත් සිදු කළ විමර්ශනයේ දී ඊයේ (16) එම කාන්තාවගේ විකෘති වූ හිස කොටස ගමන් මල්ලක තිබී සහ වම් අත කොටස ද ඒ ආසන්නයේ තිබී සොයාගෙන ඇති අතර, එය නුවරඑළිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මතුරට පොලිසිය සහ හඟුරන්කෙත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT