Sunday, May 11, 2025
Home » මාළිගාකන්දේ දී වෙඩි වැදුනු කුඩා දැරිය ජීවිතක්ෂයට

මාළිගාකන්දේ දී වෙඩි වැදුනු කුඩා දැරිය ජීවිතක්ෂයට

by chanaka
September 17, 2023 7:07 pm 0 comment

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ වයස අවුරුදු 06ක කුඩා දැරිය ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය දරුවාගේ පියා වෙඩි තැබීමේ ඉලක්කය බවට පත්ව ඇති අතර ඔහු ඉකුත් වසරේ කොටහේන ප්‍රදේශයේ සිදුවු අපරාධ සිදුවීමක ප්‍රධාන සැකකරුවෙකු බව පොලීසිය සදහන් කළේය.

වෙඩි තැබීමේ ඉලක්කය බවට පත්ව තිබුණේ නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණ යළි පිටව යමින් සිටි පුද්ගලයෙකි.

අදාළ පුද්ගලයා පසුගිය වසරේ නොවැම්බර් මස කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීමේ සැකකරුවෙකි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ දරුවාද ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිට තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

වෙඩි තැබීමෙන් ඉලක්කය බවට පත්ව තිබූ පිරිමි පුද්ගලයා සහ ඔහුගේ වයස අවුරුදු 06ක පමණ ගැහැණු දරුවා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.

කෙසේ වෙතත් බරපතළ තත්ත්වයේ පසූවු කුඩා දරුවා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ තවත් විමර්ශන කණ්ඩායම් කිහිපයක් විමර්ශන අරම්භ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT