බ්‍රසීලයේ ජනප්‍රිය සංචාරක නගරයක් වන බාර්සිලෝස් වෙත අධික වර්ෂාවක් මධ්‍යයේ ගොඩබෑමට උත්සාහ කළ ගුවන් යානයක් ඇමසන් වනාන්තරයට කඩාවැටී තිබේ.
එම අනතුරෙන් මියගොස් ඇත්තේ, මගීන් 12 දෙනා සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මගීන් සියලු දෙනා මසුන් ඇල්ලීම ගිය බ්‍රසීල ජාතික පිරිමින් බව මූලික විමර්ශනවලින් අනාවරණ වී ඇත.
ගුවන් නියමුවාට අඩු දර්ශනය සහිත අධික වර්ෂාව මධ්‍යයේ අනතුර සිදුවූ බව Amazonas ප්‍රාන්ත ආරක්ෂක ලේකම් Vinicius Almeida ප්‍රකාශ කළේය.
කඩාවැටුනු EMB-110, බ්‍රසීලියානු Embraer නිෂ්පාදනය කළ ද්විත්ව එන්ජින් ටර්බෝප්‍රොප් යානයකි.
එය ප්‍රාන්ත අගනුවර වන මනවුස් සිට බාර්සිලෝස් දක්වා මිනිත්තු 90 ක පමණ ගුවන් ගමනක් යමින් සිට තිබේ.
එම අවස්ථාවේදීම බාර්සිලෝස් වෙත ළඟාවූ තවත් ගුවන් යානයක් අධික වර්ෂාව හේතුවෙන් නැවතත් මැනවුස් වෙත හරවා යවා ඇති බව ද ගුවන් තොටුපොල නිලධාරීන් ප්‍රකාශ කර ඇත.