Wednesday, September 18, 2024
Home » කොළඹ ජාතික රෝහලේ හදිසි මරණවලින් තුනෙන් එකක්ම ‘හාට් ඇටෑක්’

කොළඹ ජාතික රෝහලේ හදිසි මරණවලින් තුනෙන් එකක්ම ‘හාට් ඇටෑක්’

by gayan
September 18, 2023 11:47 pm 0 comment

කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂණ උසාවිය මඟින් පසුගිය මාස තුන ඇතුළත සිදු කළ මරණ පරීක්ෂණ 1500 අතුරින් වයස අවුරුදු 50ට අඩු පුද්ගලයන් 100 දෙනකු හෘදයාබාධ හා දියවැඩියාව හේතුවෙන් මරණයට පත්ව ඇති බව කොළඹ හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා සමරවීර මහත්මිය ‘දිනමිණ’ට ඊයේ (18) පැවසුවාය.

එමෙන්ම අවුරුදු 50-60ත් අතර මරණ 200ක් ද හෘදයාබාධ හා දියවැඩියාව හේතුවෙන් සිදු ව ඇති බවත් ඇය කීවාය.

අදාළ කාල සීමාව තුළ සිදු වූ හදිසි මරණ අතරින් තුනෙන් එකක්ම මේ අනුව හෘදයාබාධ හේතුවෙන් සිදු වූ මරණ වන අතර, හෘදයාබාධ හේතුවෙන් තරුණ තරුණියන් මියයෑමේ ප්‍රවණතාවය වැඩි වෙමින් පවතින බවද ඇය පැවසුවාය.

මියගිය අයගේ පවුලේ සාමාජිකයන්ගේ තොරතුරුවලට අනුව මේ අයගෙන් වැඩි පිරිසක් ක්ෂණික ආහාර රටාවට හුරු වී ඇති බවත් ඇතැම් අය රැකියා සහ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නිවසින් බැහැර වීම නිසා දීර්ඝකාලීනව පිටස්තරින් ආහාර ලබා ගැනීමේ රටාවකට යොමු වී සිටීම ප්‍රධාන හේතුවක්ව ඇතැයි තහවුරු වන බව ද ඇය කීය.

මීට අමතරව සමාජයේ වැඩි පිරිසක් තම සෞඛ්‍යය සම්බන්ධයෙන් නොසලකා හැරීමත් මිය යෑමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇතැයි පෙන්වා දෙන වෛද්‍ය අංශ නිරන්තරයෙන් වෛද්‍ය උපදෙස් ගෙන අදාළ පරීක්ෂණ සිදු කර අවදානම් තත්ත්වයට පිළියම් යොදා නොගතහොත් හෘදයාබාධ හේතුවෙන් තරුණ තරුණියන් අකාලයේ මියයෑමේ ශීඝ්‍රතාවය වැඩි විය හැකි බව ද අවධාරණය කළාය.

උදුලා පීරිස්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x