Saturday, May 10, 2025
Home » තිලීපන් සමරමින් ගිය රථ පෙළපාළියට ගම්මු පහර දීලා

තිලීපන් සමරමින් ගිය රථ පෙළපාළියට ගම්මු පහර දීලා

- මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ටත් ගහලා

by sachintha
September 18, 2023 2:51 am 0 comment

 

උපවාසයකින් මීට වසර 36කට පෙර මිය ගිය බව කියන තිලීපන් නමැති අය සමරමින් තිලීපන්ගේ විශාල ඡායාරූපයක් රැගෙන ඊයේ (17) ත්‍රිකුණාමලය, උප්පුවේලි පොලිස් වසමේ සර්ධාපුර හරහා උතුරට ගමන් ගත් රථ පෙළපාළියකට ප්‍රදේශවාසීන් පහර දීම නිසා එම ප්‍රදේශය යුද පිටියක් විය.
තිලීපන්ගේ රුව තබා සරසන ලද කැබ් රථයේ නැඟී ගිය යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතාට ද ජාතික කොඩි රැගෙන මඟ හරස් කළ පිරිස් පහර දුන් අතර, රථ පෙළපාළියේ පිටුපසින් පැමිණි මෝටර් රථයකින් පැමිණි පිරිසක් මන්ත්‍රීවරයා බේරාගෙන රැගෙන යන ලදි. මඟ හරස් කළ පිරිස රථ පෙළපාළියට ආපසු හරවා යන ලෙස පැවැසීමත් සමඟ මේ ගැටුම හට ගෙන ඇත. එම අවස්ථාවේ මන්ත්‍රීවරයා කැබ් රථයෙන් බසිද්දී අවට සිටි පිරිස් මන්ත්‍රීවරයාට අතින්, පයින් සහ හෙල්මට්වලින් පහර දී තිබේ.
මඟ හරස් කර විරෝධතා දැක්වූ පිරිස් අතර කාන්තාවෝ ද වූහ. පැමිණි රථවලට ගල් මුල් ප්‍රහාර එල්ල වූ අතර, සරසන ලද කැබ් රථයේ සැරසිලි ද කඩා දමා තිබේ. එල්ල වූ පහරදීම්වලින් කැබ් රථයට ද හානි සිදු විය.

ත්‍රිකුණාමලය විශේෂ – ඒ. ටී. එම්. ගුණානන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT