Home » උද්දික බලන්න මන්ත්‍රී දුමින්ද යයි

උද්දික බලන්න මන්ත්‍රී දුමින්ද යයි

by chanaka
September 18, 2023 11:26 am 0 comment

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ නිවසට ශ්‍රී ලංකා නිදහස්ට පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද(18) පෙරවරුවේ පැමිණියේය.

ඒ මහතා සමඟ කථා බහක නිරත වීමෙන් අනතුරුව වෙඩි ප්‍රහාරයට ලක් වූ වාහනයද දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා නිරීක්ෂණය කරනු ලැබීය.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් සිදුකරනු ලබනවා.

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් වෙඩිතබා පළාගොස් තිබේ. ඊයේ (17) රාත්‍රී 10.35 පමණ මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ පෞද්ගලික මෝටර් රථය ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ පොලිස්පතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

තිසර සමල් – අනුරාධපුර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT